නඩත්තු කටයුතු සඳහා සැරසෙන සපුගස්කන්ද පිරිපහදුව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 01, කොළඹ (LNW): 2021 වසරේ පෙබරවාරි මස සපුගස්කන්ද පිරිපහදුවේ මහ පහදු නැවතුමෙන් වසර තුනක් ඉකුත් වීමෙන් අනතුරුව 2024 වර්ෂයේ ජූලි මස සිට  මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා නියමිත නඩත්තු හා අලුත් වැඩියා කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව  ජාත්‍යන්තර නියමයන්ට අනුගත වෙමින් දින 45 ක කාලයක් තුළ මෙම අනිවාර්ය නඩත්තුව හා අලුත්වැඩියා කටයුතු සම්පූර්ණ කිරීමට සැලසුම් කර ඇති අතර,මෙමඟින් ඉදිරි වසර 3ක කාලය සඳහා පිරිපහදුවේ උපරිම නිෂ්පාදන ධාරිතාවයත් රක්ෂිත හා විශ්වාසනීය ක්‍රියාකාරීත්වයත් තහවුරු කෙරෙනු ඇත.

ඒ අනුව මෙවර මහ පහදු නැවතුම සැලසුම් කළ කාල පරිච්ඡේදය තුළදීම කිරීමට අපේක්ෂා කෙරේ ම වසරේ මහ පහදු නැවතුමට සමගාමීව පිරිපහදු ඉන්ධන නිෂ්පාදන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදුකිරීමෙන් අනතුරුව රටේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම උදෙසා නැවත සිය නිෂ්පාදන ක්‍රියාවලිය ඇරඹීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

2024 මහ පහදු නැවතුම් කාලය තුළ න් රටේ ඉන්ධන අවශ්‍යතාවයන් සපුරාලීමට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොගයක් ඇණවුම් කර  උපරිම ධාරිතාවයෙන් යුතුව පවත්වාගෙන යාමටත් පිරිපහදු නැවතුමෙන් පසු නැවතත් පිරිපහදුව පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බොරතෙල් ඇණවුම්  කර උපරිම තොග සංචිත පවත්වාගෙන යාමටත් සියලු කටයුතු මේ වන විට සැලසුම් කර ඇති බවත් රටේ පාරිභෝගිකයින්ට අවශ්‍ය ඉන්ධන කිසිදු බාධාවකින් තොරව ඛණ්ඩව සැපයීමට අවශ්‍යය සෑම පියවරක්ම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන ඇති බවයි නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යාවශ්ය සේවා හැර අනෙකුත් රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දිනයක්

සටහන - රුවන් නෙළුගොල්ල පවතින ආපදා තත්වය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා...

“දිට්වා” සුළිකුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් දකුණෙන් – අද (28) අලුයම නිකුත් කෙරුණු රතු නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල මඩකලපුවට කි.මී. 20ක් නිරිත දෙසින් හමාගිය...

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...