සුඩානයේ ලිංගික ප්‍රචණ්ඩත්වය යුධ අවියක් ලෙස භාවිතා කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පැරාමිලිටරි වේගවත් ආධාරක බලකාය (RSF) පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට රට පාලනය කිරීම සඳහා සුඩාන හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින අතර එය දහස් ගණනක් මරා දැමූ, මිලියන ගණනක් රට තුළ සහ ඉන් පිටත අවතැන් කරවූ සහ සාගතය පිළිබඳ අනතුරු ඇඟවීම් ඇතිකළා පමණක් නොව යුද්ධය ආරම්භයේ සිටම ඉතා නින්දිත වශයෙන් රට තුළ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ස්ත්‍රී දුෂණය යුධ අවියක් වශයෙන් භාවිතා කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් ඊයේ(01) දිනයේදී ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට, ඔහුගේ කණ්ඩායම ගැටුම් ආශ්‍රිත ලිංගික හිංසන සිද්ධීන් 60ක් ලේඛනගත කර ඇති අතර, අවම වශයෙන් රට පුරා වින්දිතයින් 120ක් හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරයක් කාන්තාවන් සහ ගැහැණු ළමයින්ය. මහකොමසාරිස්වරයා මෙහිදී කණගාටුවට පත්ව ප්‍රකාශ කර තිබුණේ, සැබෑ සංඛ්‍යා දත්ත මිට වඩා විශාල වශයෙන් වැඩි විය හැකි බවයි.

1949 ජිනීවා සම්මුතීන් යටතේ සිවිල් වැසියන්ට එරෙහි අසමානුපාතික හා විචක්ෂණශීලී ප්‍රහාර, වධහිංසා පැමිණවීම, ස්ත්‍රී දූෂණය සහ ඝාතනය, මෙන්ම තීරණාත්මක සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම යුධ අපරාධ වන බැවින්, බිහිසුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සිදු කරන අපරාධකරුවන්ට ප්‍රමාදයකින් තොරව දඩුවම් කළ යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රජාව මෙම කණගාටුදායක අර්බුදය තව දුරටත් අවුල් සහගත තත්ත්වයකට පත්වීමට පෙර එහි අවධානය නැවත යොමු කළ යුතු බවත් මහකොමසාරිස්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි.

පසුගිය මාස 11 ක් තුළ අවම වශයෙන් පුද්ගලයින් 14,600 ක් මිය ගොස් 26,000 ක් තුවාල ලබා ඇති අතර ආධාර සැපයුම් කොල්ලකෑමට හා මානුෂීය සේවකයින්ට පහර දී ඇති අතර, ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලට මානුෂිය ආධාර ලබා දීමට නොහැකි වන ලෙස බලපෑම් කර ඇති අතර යුද්ධය හේතුවෙන් මිලියන අටකට වැඩි පිරිසකට සුඩානය තුළ සහ අසල්වැසි රටවලට පලා යාමට බලකෙරෙන අතර, මෙම අර්බුදය රට උඩු යටිකුරු කරමින් මුළු කලාපය පුරා සාමය, ආරක්ෂාව සහ මානුෂීය තත්වයන්ට දැඩි ලෙස තර්ජනයක් බවට පත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...