රුපියල් කෝටි 200ක් වටිනා පරිගණක පාඨමාලා සහතික පත් ප්‍රදානයක් බුත්තලදී

Date:

බුත්තල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2900 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 මාර්තු 03 (ඉරිදා) පෙරවරු 08.30 සිට බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන තුළින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨාමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වේ. ඒ අනුව, බුත්තල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මගින් මෙදින සහතික පත් ලබාගන්නා සිසු සිසුවියන් සම්පූර්ණ කර ඇති අධ්‍යාපනයේ වටිනාකම රුපියල් කෝටි 200 කි.

මෙම උත්සව අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු 6000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත ය.

මෙහි සජීවී විකාශය ඔබට ලංකා නිව්ස් වෙබ් ෆේස්බුක් පිටුව සහ යූටියුබ් නාලිකාව ඔස්සේ ද නැරඹීමට හැක.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...