ඩිව් ගුණසේකරගෙන් අනාවැකියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): දේශපාලනය තුළ මැද මාවතේ පිරිස් බලය මේ වන විට බලවත් ලෙස ගොඩනැගී ඇති අතර එම පිරිස නොමැතිව කිසි ම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිහිටුවීමට නොහැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

වාමවාදී දේශපාලන බලවේගවලට සහ දක්ෂිණාංශික දේශපාලන බලවේග නියෝජනය කරන කිසිදු බලවේගයකට එළඹෙන මැතිවරණයකදී බලය ලබා ගත නොහැකි බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවද කියයි.

ගුණසේකර මහතා පැවසූවේ, රටේ වත්මන් අර්බුද විසඳීමට වමේ එකමුතුකම අත්‍යවශ්‍ය යැයි ද, එම නිසා වාමවාදී කණ්ඩායම් එකට එකතු විය යුතු සුදුසු ම කාලය බවයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මේ වන විට සංවිධාන කටයුතු පුළුල් කර ඇති අතර, පක්ෂයට නව සංවිධායකයන් පත්කිරීම මේ වන විට සිදුකරගෙන යන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...