ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයින්ට ඉහළින් ජාතික ජන බලවේගයේ ඇමති මණ්ඩලයේ 50 දෙනෙකු පැමිණියාට පසු එතැන සංස්කෘතික පරතරයක් ඇති බවත් ඒ සංස්කෘතිය පරතරය වෙනස් කිරීමට තවත් වසරකට එහා කාලයක් ගතවනු ඇති බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
“රොෂාන්ට කියන්න … ව්‍යවසායකත්වයට සම්බන්ධ ආයතන පහක් තියෙනවා මගේ යටතේ, විශේෂයෙන්ම මම ඩිරෙක්ට්ලි බලන. ඒ පහේ ටොප් ලෙවල් එකේ නිලධාරීන් ඉන්නවානෙ, ඒ අය එක එක්කෙනා හම්බෙලා තිබ්බෙ නෑ කියලා විශ්වාස කරන්න පුළුවන්ද ? අවුරුදු 20ක්, සමහරු අවුරුදු 15ක්, එක මේසෙක හමුවෙලා පොදු වැඩපිළිවෙලක් කතා කරලාම නෑ. හරිද ? මම මේ කියන්නෙ ඒ වගේ කල්චර් එකක්. ඊටපස්සෙ ඒ කල්චර් එක ඇතුළෙ ඒගොල්ලන්ට ට්‍රස්ට් එක අපි කොහොමද හදන්නෙ ? ඒගොල්ලන්ගෙ අයිඩියාස්වලට අපි කොහොමද, අපි වර්ක්ෂොප්වලට ඉඳන් ඉන්නවද කොච්චර ප්‍රමාණයක් මමයි ඇමතිතුමායි. ඉස්සර එහෙම එකක් තිබිලා නෑ. ඒගොල්ලො එහෙම එකක් දැකලා තිබ්බෙත් නෑ. ඇමතිතුමා ආවාම දුවනවා. එක්කො ඇමතිතුමා එන්නෙ නෑ, හම්බවෙන්නෙ නෑ, ලියුම විතරයි යවන්නෙ ඇමතිතුමාගෙ ගෙදරට යවනවා, අස්සන් කරලා එවනවා. අපි නෑ, අපි අද … අද කවද්ද දිනේ ? අපි 22 වෙනිදා මට මතක විදියට මගේ උපන්දිනය දවසේත් මම අමාත්‍යාංශෙ. හැමදාම අමාත්‍යාංශෙ. සෙනසුරාදාටත් අමාත්‍යාංශෙ. රෑ අට නවය වෙනකලුත් අමාත්‍යාංශෙ”
ප්‍රශ්නය – ඇයි මෙහෙම ඔබලාට කරන්න සිද්ධවෙලා තියෙන්නෙ ? නිලධාරීන්ගෙ අඩුපාඩුවක්ද, ආණ්ඩුවේ අයට අත්දැකීම් නැතිකමද ?
“නෑ, එහෙම එකක් නෙවෙයි. මෙහෙමයි රොෂාන්. දැන් මේ කල්චර් එක පුරුදු වෙලා තිබ්බෙ අර මොකක්ද අපි මේ කියන්නෙ මේ බජට් එක තියෙනවානෙ, මේ බජට් එකේ අර ලයින් අයිටම්ස් ටිකක් එනවානෙ මේ මේ දේ කරන්න, මේ දේ කරන්න. ඊටපස්සෙ ඕක කාර්යසාධනයට යනවා. ඊළඟට ඕක ඩීටේල් කරලා වර්ක් ප්ලෑන් එකක් එනවා. එතකොට රාජ්‍ය නිලධාරීන්ට තිබ්බෙ ඒ වර්ක් ප්ලෑන් එක කරන් යන එක විතරයි. එයාට ඒකෙ ඉෆෙක්ටිව්නස් එක බලන්න, ඒකෙන් සමාජයට ඉම්පැක්ට් වෙනවද බලන්න එයාට වුවමනාවක් තිබ්බෙත් නෑ, ඇමතිතුමාට වුවමනාවක් තිබ්බෙත් නෑ. ඒ අතරේ ඇමතිතුමා ඇමතිතුමාට ඕනෙ ඒවා කළා, රාජ්‍ය නිලධාරීන් අර බජට් එක කොහොමහරි ස්පෙන්ඩ් කරන්න උත්සාහ කරනවා, ඒකෙ තියෙන මුදල් ටික ඇමතිතුමා තමන්ට කැමති විදියට කොහෙ කොහෙහරි වියදම් කරලා අවසානයේ අවුරුද්ද ඉවර වෙනවා. දැන් අපි ගමුකො බජට්ස්. 2015 ඉඳලා මම අධ්‍යනය කරලා තියෙනවා ඒ බජට් එකේ මුලින් කියනවානෙ, ඔය ජනාධිපතිතුමා අදත් කිව්වෙ ට්‍රිලියන 1.3ක් තියෙනවා මේ ටික දැන් කොහොමහරි කරන්න ඕනෙ කියලා, එහෙම කෙරිලා නෑ. එහෙම කරා නම් රට මෙතන තියෙයිද ? අයවැය යෝජනා කොහෙද නරක අයවැය යෝජනා තිබ්බෙ ? රටට අහිතකර අයවැය යෝජනා ඉතාමත් අඩුයිනෙ, හොඳ ඒවානෙ තිබ්බෙ. නමුත් ක්‍රියාත්මක වෙලා නෑ. ඒකෙ ස්ට්‍රැටර්ජි එක නෑ. අපි මේ කරලා එෆර්ට් එකක් දාන්නෙ මේ කල්චර් එක වෙනස් කරලා එෆර්ට් එකක් දාන්න”
චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකදී ය.
චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ පුත්‍රයෙකි.
