ස්ටාමාගේ සම්පුර්ණ සහය සෙලෙන්ස්කිට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ධවල මන්දිරයේ ඇතිවූ නොසන්සුන් සාකච්ජා වන්ගෙන් අනතුරුව එක්සත් රාජධානියට පැමිණි යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි ඉතා උණුසුම්ව එක්සත් රාජධානියේ අග්‍රාමත්‍ය ශ්‍රීමත් කීර් ස්ටාමා පිළිගෙන ඇති බව වාර්තා වේ.

මෙම සංචාරය හරහා යුක්රේනයට මිලිටරි සැපයුම් සඳහා පවුම් බිලියන 2.26ක ණය ආධාර ගිවිසුමක් අත්සන් කරනු ලබන අතර සෙලෙන්ස්කි III චාල්ස් රජු ද හමුවනු ඇත.

මිට අමතරව, යුක්රේනයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ටාමාගේ මුලිකත්වයෙන් අද(02) සහ ප්‍රංශයේ, ජර්මනියේ සහ පෝලන්තයේ නායකයින්, යුරෝපීය කොමිසමේ සහ යුරෝපීය කවුන්සිලයේ ප්‍රධානීන් සහ නේටෝවේ මහලේකම් හමුවී සාකච්ජා කිරීමටද නියමිත වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...