ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වූ මහමුද් අහමදිනෙජාඩ් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊසානදිග ටෙහෙරානයේ ‘නර්නැක්’ (Narnak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ් මහතාගේ නිල නිවසට පෙරේදා (28) එල්ල වූ ඇමරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයකින් ඒ මහතා සහ ඔහුගේ ආරක්ෂකයින් කිහිපදෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
2005 – 2013 සමයේ ඉරානයේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අහමදිනෙජාඩ් මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් ‘උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ’ සාමාජිකයකු වශයෙන් පත්කර තිබිණි.
මියයන විට ඔහු 69 වැනි වියේ පසුවිය.
ශ්‍රී ලංකාවේ උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉරාන ආධාර ලබාදුන්නේ අහමදිනෙජාඩ් මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ය.


