නිශ්මං රණසිංහ ,මාර්තු 02 කොළඹ LNW:
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නිමාව දුටු ජාතික තේරීම් තරගවලදී තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අලුත් අපේක්ෂාවන් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව වෙනුවෙන් එක් කරන අයුරු දකින්නට ලැබුණා.අප මීට පෙරත් මීටර් 100 සහ 400 ඉසව්වල ජයග්‍රාහකයන් ගැන ලියූ අතර ඊට අමතරව උළෙලේ වාර්කා වූ එකම නව ශ්‍රී ලංකා වාර්තාව තැබුවේත් තවමත් 20 හැවිරිදි වියේ පසුවන මධුෂානි හේරත් වීම කැපී පෙණුනා.ඇය තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.68 ක දක්ෂතාවයක් දක්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් එම ඉසව්ව ජය ගැනීමෙන් නොනැවතී දුර පැනීම ඉසව්වේද ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් වුණා.
මෑත කාලයේ වැඩි අවධානයක් දිනා ගත් තරිඳු දසුන් සමරවීර අභිබවා යමින්,තවමත් වත්තල ලයිසියම් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු වන තරූෂ මෙණ්ඩිස් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ නව ජාතික කණිෂ්ඨ වාර්තාවක් ද තබමින්.ඔහු කලෙකට පසුව මීටර් 2.20 ක් ඉක්මවමින් උස පැනීමක් වාර්තා කරමින් මීටර් 2.23 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.
මේ අදට වඩා අනාගතයට පලදායී ක්‍රීඩකයින් සමඟම ඔවුන් පසුපස සිටින්නේ ද පුහුණුකරුවන් සේ අලුතින් ක්‍රීඩාවට එක්වන අය වීමත් වැදගත්.මාර්තු 12 වන දා පත්වන නව මලල ක්‍රීඩා සම්මේලනය පරණ අත්දැකීම් යළි යළිත් ක්‍රීඩාව මත නොපවටවා,අලුත් පරම්පරාවේ ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ කුසලතා ඉහළ නැංවීමට විශේෂ වැඩ කොටසක් කළ යුතුයි.



