කොළඹ LNW:ඉරාන උත්තරීතර නායකයා ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව ඝාතනය කිරීම හෙළා දකින බව චීනය පවසනවා. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගියදා(28) ඇමරිකාව හා ඊශ්‍රායලය දියත් කළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා.
මේ සම්බන්ධව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ(1) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ චීනය එම ඝාතනය දැඩි ලෙස හෙළා දකින බවයි. ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කිරීම ඉරානයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි චීනය පවසන්නේ.
එසේම එවන් ඝාතනයක් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලික රීති උල්ලංඝනය කිරීමක් බව ද චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
දිනූෂි ධීරසිංහ




