ආදායම් නොපෙන්වා බදු පැහැර හරින්නන් ගැන සොයා බැලීමට කඩිනම් ක්‍රමවේදයක්

Date:

සිය ආදායම් නොපෙන්වා බදු ගෙවීම පැහැර හැර ඇති ඇතැම් වෘත්තීන්වල නිරත පිරිස් හඳුනා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

රාජ්‍ය ආදායම පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වර්තමානයේ දී බදු පැනවීම මගින් ආදායම් රැස් කිරීම හා සමාන බදු පැහැර හරින පිරිස් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ද යොමු කළ යුතු බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ඊයේ (01) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

බදු ආදායම් රැස් කර ගැනීම සම්බන්ධ මතුව ඇති ගැටලු මෙහි දී සාකච්ඡා කෙරිණි. විශේෂයෙන් ම රැමිස් පද්ධතිය, නිලධාරීන්ගේ පුරප්පාඩු පිරවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡාවේ දී අවධානය යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අමාත්‍ය සියඹලාපිටිය මහතා අදාළ පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මට්ටමින් කඩිනම් ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...