යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්‍යාග කරයි

Date:

රුසියානු ආක්‍රමණයත් සමඟ යුක්රේනයේ හටගෙන ඇති තත්ත්වය තුළ එරට මානුෂීය සහන කටයුතු සඳහා සහාය ලබා දීමට තායිවානය ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව තායිවාන ජනපතිනි සායි ඉන්ග්-වෙන්, එරට උප ජනාධිපති විලියම් ලායි සහ අග්‍රාමාත්‍ය සු සෙන්ග්-චැන්ග් ආදී නායකයන් සිය මසක වැටුප යුක්රේනයේ මානුෂීය සහන කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

මේ බව තායිවාන ජනපතිනිය අද (02) දින නිකුත් කළ නිවේදනයක සඳහන්.

සිය අසල්වැසි රාජ්‍යය වන චීනයෙන් තායිවානයට දිනපතා මුහුණ දීමට සිදුව ඇති තර්ජන නිසා රුසියානු ආක්‍රමණයෙන් යුක්රේනය පත්ව ඇති තත්ත්වය අවබෝධ කර ගැනීමට තමාට හැකි බවද තායිවානය සඳහන් කර තිබේ.

මීට අමතරව, යුක්රේනයට ටොන් 27 ක වෛද්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමටද තායිවානය කටයුතු කර තිබේ.

යුක්රේන – රුසියානු අර්බුදය හමුවේ තම රාජ්‍යය යුක්රේනය සමඟ සිටගන්නා බව ද තායිවානය ප්‍රකාශ කර තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...