*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අපි කවුද කියලා පුටින් තාම හරියට අඳුරගෙන නෑ – ජෝ බයිඩ්න්

රුසියානු ආක්‍රමණයට මැදිව සිටින යුක්රේනය තනි වී නොමැති බවත්, සමස්ත ලෝකයම ඔවුන් සමග එක පෙළට සිටගන්නා බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය අමතා සිදු කරන වාර්ෂික දේශනයට සහභාගිවෙමිනි.

සමස්ත ලෝකයේම විරෝධය එල්ලවෙමින් තිබියදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය කළ බවත්, එම ආක්‍රමණය හමුවේ බටහිර රටවල් විසින් සම්බාධක පනවමින් රුසියාවට දැක්වූ ප්‍රතිචාරය රුසියානු ජනාධිපතිවරයා විසින් අවතක්සේරු කර ඇති බවත් බයිඩ්න් වැඩිදුරටත් පවසනවා. බටහිර රටවල් අවතක්සේරු කිරීමේ ප්‍රතිඵල ඉදිරියේදී පුටින් ජනාධිපතිවරයාට අත්විඳීමට සිදුවනු ඇති බවයි බයිඩ්න් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

සම්බාධක හමුවේ මේ වනවිට රුසියානු ආර්ථිකය දැවැන්ත ලෙස කඩා වැටෙමින් පවතින බව පෙන්වා දෙන ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ එය ඉදිරියේදී තවදුරටත් කඩාවැටෙනු ඇති බවයි. රුසියානු නායකයාගේ ඒකාධිපති තීරණ හේතුවෙන් සමස්ත රුසියානු ජනතාවටම දුෂ්කරතා විඳීමට සිදුව ඇති බවද ඔහු පවසනවා.

රුසියානු ගුවන් යානා සඳහා ඇමරිකානු ගුවන් කලාපය තහනම් කිරීම ජෝ බයිඩ්න් මෙහිදී නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මේ වනවිටත් ලොවපුරා රටවල් රැසක් සිය ගුවන් කලාප රුසියානු ගුවන් යානා සඳහා අත්හිටුවා ඇති අතර මේ නිසා රුසියාවට අයත් ගුවන් සමාගම් රැසක් අර්බුදයට ගොස් තිබෙනවා. මේ අතර ඇමරිකානු බෝයිං සමාගම අද නිවේදනය කළේ රුසියාව සමග සියලු සබඳතා අත්හිටුවන බවයි. ඒ අනුව නඩත්තු කටයුතු සහ තාක්ෂණික සහාය සැපයීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර තිබේ.

රුසියාව මේ වනවිට දැඩි ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අතර මේ නිසා රුසියානුවෙකුට රටින් පිටතට ගෙන යා හැකි මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 10,000 ක් දක්වා සීමා කර තිබෙනවා. අර්බුදය යම් පමණකින් හෝ සමනය කර ගැනීමේ අරමුණින් මෙම සීමා පැනවීම අද සිට ක්‍රියාත්මක වේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan