බිත්තර මාෆියාව වැළැක්වීමට උපරිම සිල්ලර මිලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 02, කොළඹ (LNW): මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳ පලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව දක්නට ලැබේ,

මෙම හේතුව සලකා බලා බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීම සඳහා පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කරයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර, අලුත් අවුරුදු සමය ඉළක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රදවා තබා ගනිමින් කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව එහිදී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙද පොල තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම අවුරුදු මාසය තුළ ද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

මෙම කරුණු සැළකිල්ලට ගනිමින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තූවේ අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියට උපදෙස් දුන් බව පැවසේ.

මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් වේ.

එමෙන්ම මව්සතුන් වාර්ෂික අවශ්‍යතාවය 80,000ක් වුවද මේවනවිට ලබා දී ඇති මව් සතුන් ප්‍රමාණය 100,000 ඉක්මවා තිබෙන බවද කියයි.

එමෙන්ම සත්ව නිෂ්පාදන සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය සඳහා බලපත්‍ර ද ලබා දුන්නද බිත්තර නිෂ්පාදනයේ දී නිර්මාණය කර තිබෙන කෘත්‍රිම හිඟය හා මිල ඉහළ නැංවීම කිසිසේත්ම සාධාරණ නැති බවත්, එමනිසා බිත්තර මිල ඉහළයාම පාලනයට අනිවාර්යෙන්ම උපරිම සිල්ලර මිලක් නියම කිරීම අවශ්‍ය බව ද අවධාරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන උත්තරීතර නායකයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 21 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ස්පාඤ්ඤයේ මලගා...

ආයෝජන කියන්නේ මොනවාද ?

රටක ආර්ථික වර්ධනය සඳහා ආයෝජන වල වැදගත්කම ගැන කතා...

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...