සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 02, කොළඹ (LNW): ශ්රී ලංකා තානාපතිවරයෙකු විසින් ශ්රී ලංකා සම්භවයක් සහිත විදෙස් රාජ්ය නායකයෙකුට පළමුවරට අක්තපත්ර පිරිනැමීමේ ඓතිහාසික අවස්ථාව පසුගියදා සිංගප්පූරුවේදී සිදුවිය.
සිංගප්පූරුවේ නව ශ්රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා එරට ජනාධිපති ධර්මන් ෂම්මුගරත්නම් මහතා වෙත සිය අක්තපත්ර භාර දී ඇත.
මෙම අක්තපත්ර භාරදීමේ උත්සවය එරටදී අභිමානවත්ව පැවැත්වුණා. සිංගප්පූරු ජනපති ධර්මන් ෂම්මුගරත්නම් මහතා ශ්රී ලංකා සම්භවයක් සහිත අයෙකු වන අතර එවැනි විදෙස් නායකයෙකුට ශ්රී ලංකා තානාපතිවරයෙකු අක්ත පත්ර ලබා දුන් පළමු අවස්ථාව මෙය බව සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කළේය.