ඉන්ධන බෙදුම්කරුවන් සාකච්ජාවෙන් ප්‍රශ්නය විසඳගන්න සූදානම්.ජනාධිපතිට සංදේශයකුත් දෙයි!

Date:

කොළඹ LNW:ඉන්ධන බෙදුම්කරුවන් සම්බන්ධයෙන් ආටඃඌආ තිබෙන ප්‍රශ්නකාරී තත්ත්වය රජය සමඟ සාකච්ජා මාර්ගයෙන් විසඳා ගැනීමට ඔවුන් සූදානම් නව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන බෙදුම්කරුවන්ට හිමිවූ 3%ක වට්ටම් මුදල අහෝසි කර වහාම ක්‍රියාත්මක වන පරිදි නව සමීකරණයකට අනුව ගෙවීම් සිදු කිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් බෙදුම්කරුවන් පිරිසක් ඉන්ධන ඇනවුම් කිරීමෙන් හා බෙදාහැරීමෙන් ඉවත්වන බවට පසුගිය සතියේ කළ ප්‍රකාශයෙන් පසු ඉන්ධන හිඟයක් ඇතිවේයැයි සමාජය තුළ වූ කැළඹීම හේතුවෙන් යම් ව්‍යාකූල තත්ත්වයක් මතුවුවද ඉන්ධන හිඟයක් නොමැති බවට රජය විසින් කළ තහවුරු කිරීමෙන් පසු එම තත්ත්වය සාමාන්‍ය විය.

ඒ අනුව ඉන්ධන බෙදුම්කරුවන්ගේ පාර්ශවයෙන් අද පවසා තිබෙන්නේ මතුව තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සන්දේශයක් භාර දී ඒ ගැන සකාච්ජා කර ප්‍රශ්නය විසඳා ගැනීමට සූදානම් බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...