සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 03, (LNW)කොළඹ
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකා කර සිටියේ වරදක් කළ අයෙකු තමන් විසින් පත් කළ ද,එය ඔප්පු වේනම් ඉවත් කිරීමට පසුබට නොවන බවය.ඒ අනුව ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අපකීර්තිමත්ම මොහොත ලෙස සැළකෙන ෆිජී ජාතිකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරවීම නිසා ශ්‍රී ලංකා රග්බි (SLR) රෙගුලාසි 8.1 උල්ලංඝනය කිරීම යන කරුණ මත පැන වූ පවුම් 50000 ක දඩය ගෙවන ලද පරිපාලනයට සම්බන්ධව ප්‍රියන්ත ඒකනායක ද සම්බන්ධ වී සිටින බව ඔප්පු වන විද්‍යුත් තැපෑල මඟින් හුවමාරු වූ ලිපි අන්තර් ජාලය හරහා හුවමාරු වෙමින් ඇත.
එම සිඳුවීම වන විට ශ්‍රී ලංකාවේ රගර් යහපත් තත්ත්වයක තිබෙන බවත්,මෙවැනි මුදලක් දරා ගැනීම ශ්‍රී ලංකා රගර් වෙත අපහසු බැවින් එය වසර 20 දී ගෙවී යන ලෙස සකසා දෙන ලෙසත් ඉල්ලා සිටින්නේ එම වරද සිඳුවන විට සභාපතිව සිටි,රටේ පුරවැසියෙකු ලෙස වෙනත් ජාතිකයෙකු ලෝකය ඉදිරියේ තැබීමට වගකිව යුතු පරිපාලනයේ ප්‍රධානියා වූ අසංග සෙනවිරත්න ය.
ඔහු මෙම කරුණ විමර්ශණය කරමින් බෙන් රදර්ෆඩ් ගනු ලැබූ තීරණය සම්බන්යෙන් වර්ථමානයේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට බලපෑම් කරන ඩේඩිඩ් කැරිගී වෙත යොමු කරන ඉංග්‍රිසි ලිපිය පරිවර්ථනය කළ විට මෙසේ සඳහන් වන්නේය.
“ශ්‍රී ලංකාව ලෝකයේ පැරණිතම සහ වේගයෙන්ම වර්ධනය වන රග්බි ජාතීන්ගෙන් එකකි. මෑත අතීතයේ දී මේ රටේ තරුණයින් ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර ආසියාවේ වයස අවුරුදු 18 න් පහළ සහ 20 න් පහළ වයස් කාණ්ඩ තරඟාවලියේ අංක එකේ ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා රග්බි සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇත. ජ්‍යෙෂ්ඨයින් 2 වන ස්ථානයට පත්ව ඇති අතර මෙම වසරේ පළමු වරට හොංකොං 7 හි ලෝක 7 සුදුසුකම් ලැබීමේ තරඟාවලියට ඇතුළත් වී ඇත.“
අමාත්‍යවරයාට මේ වන විට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව තිබෙන්නේ ඉතා පහළ මට්ටමක යැයි කවුරුන් හෝ අදහසක් දී ඇත.එම අදහස නිවැරදි නැත.යම් තාක් හෝ දුරට නිවැරදි වන්නේනම් ඊට හේතුව මේ කඩා වැටීම බව ද අසංගගේ ලිපිය ආශ්‍රිත කරුණුවලින්ම පෙන්වා දී ඇත.
මේ මොහොතේ ව්‍යවස්ථාව වෙනස් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ඩේවිඩ් කැරිගි දක්වන උනන්දුව සහ බලපෑම සහ තිබෙන ව්‍යවස්ථාව වෙනස් කර නිලවරණය පැවත්වීමට කරන බලපෑම (පසු කරුණ පවසන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.) මේ සිඳුවීම ඇති වූ මොහොතේ එවකට ක්‍රීඩා අමාතවරයා හෝ රටේ ජාතික ඔලිම්පික් කමිටුවට හෝ දන්වා මේ වරදට හේතු වී ඇති නිලධාරීන් සම්බන්ධයනේ තීරණයක් ගැනීමට කියා නැත.එසේ නැතිනම් එම වරද වෙනුවෙන් රටේ නීතිය අනුව කුමන තීරණයක් ගන්නේ ද කියා විමසා ද නැත.
ඩේවිඩ් කැරිගිගේ මේ මොහොතේ හැසිරීම අනුව පවතින ව්‍යවස්ථාවට කරන බලපෑම සහ ඒ වෙනුවෙන් රටේ අධිකරණයද නොසළකා නිලධාරීන් ගසන බල්ටි දුටු විට සාද මේසය මත මලපහ කළ අයට කිසිවක් නොකර වාතයක් යැවූ අයෙකුගේ අධෝ මාර්ගය කපා දමන්නට යෝජනා කිරීමක් වැනිය.
ශ්‍රී ලංකා රග්බි (SLR) රෙගුලාසි 8.1 උල්ලංඝනය කිරීම ගැන ක්‍රීඩා අමාත්‍යංශයට දන්වා නැති සහ අඩුම තරමේ ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවට මේ ගැන තොරතුරු ඉදිරිපත් නොකළේ ඇයි ද යන්න නොකියා ව්‍යස්ථාව වෙනස් කිරීමට බලපෑම් කරන්නේ කුමන ජාත්‍යන්තර සම්මේලන රෙගුලාසියක් එයින් උල්ලංඝණය වන්නේදැයි ඩේවිඩ් කැරිගී ගෙන් විමසා සිටින්නට අමාත්‍යවරයා හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරිපත් වී නැත.වඩා වැරදිකාරී හැසිරීම සම්බන්ධයෙන් රටේ නීතියට අනුව කටයුතු කිරීමට ඩේවිඩ් කැරිගී, ක්‍රීඩා අමාත්‍යංශය දැනුවත් කළ බවට කිසිඳු සාක්ෂියක් නැත.
මේ විද්‍යුත් තැපෑල මඟින් හුවමාරුවන ලිපි වලට අනුව එම ලිපිවල පිටපත් විද්‍යුත් තැපෑල හරහාම ලසිත ගුණරත්න,කසීම් මොහොමඩ්,රේ අබේවර්ධන වැනි යන අයටත් යොමු වී ඇත.අද නීතිමය කරුණු හොයමින්,අධිකරණයට යමින් ක්‍රියාත්මක වන ලසිත එකල එතරම් යහපත් අයෙකු ලෙස නොසිටින්නට ඇති බව සිතෙන්නේ,ඒ අවස්තාවේ මේ පවුම් 50000 දඩය සහ සිඳුවීම ගැන අමාත්‍යවරයා දැනුවත් කිරීමට හෝ නිතිමය ක්‍රියාමාර්ගවලට නොගිය නිසාය.එසේ නොවන්නේනම් ඔහුද මේ අපරාධය දැන නිහඬව සිටීමේ වැරදිකරුවෙක් විය යුතුය.
අමාත්‍යවරයා මාධ්‍ය සමඟ පැවති සාකච්ඡාවේදී කියූ අපූුරු වචන කිහිපයක් නැවත නැවතත් නින්නාද දෙන්නේය.
“අපි ඔයාල ලියන දේ කියන දේ ම කරන්න ඕනි නැහැ.අපි කරන දේ හරියිම කියලා ඔයාල පිළිගන්න ඕනිත් නැහැ.ඔයාල ඔයාලගෙ හැටියට කරන්න.අපි අපේ විදිහට කරන්නම්“
අමාත්‍යවරයා මේ ගැටළුව කොතැනක තබනවාද කියා කියන්නට නොහැකිය.මෙය අප ලියන දෙයක් සහ ඔහු නොකළ යුතු දෙයක් හැටියට ගතහොත් අප මේ ලිිපියේ මුල සඳහන් කළ “ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ජනමාධ්‍යවේදීන් හමුවේ ප්‍රකා කර සිටියේ වරදක් කළ අයෙකු තමන් විසින් පත් කළ ද,එය ඔප්පු වේනම් ඉවත් කිරීමට පසුබට නොවන බවය.යන වචන ඉටු වන්නේ නැත.වැරදිකරුවන්ට දඬුවම් හිමිවන්නේ නැත.ඔවුන්ට සිය රටේ ක්‍රීඩාවට කළ හානිය සම්බන්ධයෙන් රටේ නීකියට අනුව දඬුවමක් නොදෙන නිසා ආසියාවේ නොව ලෝකයේම රගර්වල බලපෑම් එල්ල කර ශ්‍රී ලංකාවේ රගර් ඔවුන්ගේ පදයට නටවන්නට හැකි වනු ඇත.
වැදගත් ඒ නැටවීම වෙනුවෙන් ක්‍රීඩාව භාර දේශපාලන නායකත්වයන් සහ රජයේ නිලධාරි කණ්ඩායම මිට පෙර සිඳු කළ ආකාරයටම භේරි වානිජ ඉදිරිපත් කරන්නට සහ ප්‍රශස්ති ගයන්නට ඉදිරිපත් වේ ද යන්නෙහිය.
