*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

මේ වසරේත් චීනයෙන් අභ්‍යවකාශ ව්‍යාපෘති රුසක්!

කොළඹ LNW:මේ වසරේ ද චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බව චීනය පවසයි. එම ව්‍යාපෘතිය යටතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සහ ගගනගාමීන් සහිත චන්ද්‍ර ගවේෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය අද (3) ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් 2ක් මෙම වසර තුළ සිදු කිරීමට සැලසුම් කර තිබේ. එම මෙහෙයුම් දෙක සඳහා ගගනගාමී කණ්ඩායම්‍ තෝරා පත් කර ඇති අතර එහි ගගනගාමීන් අදාළ පුහුණු කටයුතු ද මේ වනවිටත් ආරම්භ කර තිබේ.

ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලද සාර්ථක අත්දැකීම් සෙසු රටවල් සමග හුවමාරු කර ගනිමින් චීනය, අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් ක්‍රියාශීලි ව කටයුතු කරමින් සිටී. පසුගිය දා පාකිස්ථානය සමග එවන් සහයෝගිතාවක් අරඹන බව ප්‍රකාශ කරමින් චීනය කියා සිටියේ ඉදිරි වසරවලදී පාකිස්ථාන ගගනගාමියෙකුට පුහුණුව ලබාදෙමින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොමු කරනු ඇති බවයි.

2030 වසරට පෙර ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩබෑම, චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් ප්‍රමුඛ අරමුණකි. මේ වන විට සඳ මතට ගොඩබෑමේ අදියරේ විවිධ පර්යේෂණ හා ගොඩනැගීමේ කටයුතු සැලසුම් සහගතව පවත්වා ගෙන යන බව ද චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.

දිනුෂි ධීරසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan