ආණ්ඩු පක්සේ ලොක්කෙකුට පොහොට්ටුවෙන් ටිකට් එක ලැබෙන ලකුණු !

Date:

ආණ්ඩු පක්සේ ප්‍රධාන සයිස් තනතුරක් දරණ ලොක්කෙක් ගැන නෙළුම් මාවතේ පක්ෂේ කට්ටිය තීන්දුවක් ගන්න ලෑස්තියි කියලා ආරංචියි.

ජනාධිපතිවරණය ගැන දැන්ම මොකුත් කියන්න අවශ්‍ය නෑ කියලා පක්ෂය තීරණයක් අරන් තියෙද්දී මෙයා එක අපේක්ෂකයෙකුට කාලෙක ඉඳන්ම බැහැලා වැඩ කරන බව රහසක් නොවුණත් නෙළුම් මාවතේ කස්ටිය ඒ ගැන එතරම් ලොකුවට ගණන් අරන් තිබිලා නෑ. ඒත් මෑතක ඉඳන් මෙයා පක්ෂයේ මතය මට වැඩක් නෑ, මට ඕනෙ අපේක්ෂයා නොදැම්මොත් මං ඒ ගැන බලාගන්නම් වගේ ලොකු ටෝක්ස් ඉෂූ කරන්න පටන් අරන් තියෙන නිසා මෙයා ගැන තීන්දුවක් ගන්නය කියලා පක්ෂයේ පහළ මට්ටමෙන් ප්‍රෙෂර් එකක් එන්න පටන් අරන් ලු.

මෙයා කොහොමත් ජනාධිපතිවරණය ළංවෙද්දී අලි පාටියට පනින්නයි බලාගෙන ඉන්නේ කියලා කතාවක් මාස කිහිපයක ඉඳන් පැතිරිලා ගිහිල්ලාත් තිබුණා ලු. ඔය ගැන මෙයාගේ පන්ගහ දිස්ත්‍රික්කේ අයත් පක්ෂේ ඉහළට දැනුම් දීලාත් තිබුණා ලු.

එයා යන්නම නම් බලාගෙන ඉන්නේ, එයා නිසා දිස්ත්‍රික්කය ඇතුළේ පක්ෂයේ සංවිධාන වැඩවලට තවදුරටත් හානි වෙන්න දෙන්න හොඳ නෑ කියන මතය තදටම එළියට ඇවිත් ලු. ඒ අනුව එයා වෙනුවට ඊළඟට ඉන්න කෙනාට එයාගේ ආසන සංවිධායකකම දෙන්නයි යන්නේ කියලා ආරංචියි.

හරියටම මොකක්ද වෙන්නේ කියලා ඉක්මනින්ම දැනගන්න පුළුවන් වෙයි. එතකල් පොඩ්ඩක් බලාගෙන ඉමු ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...