කෘෂිකර්ම නවීකරණය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරමින් ජාතික වැඩසටහනක් සැකසීමට ජනපතිගෙන් උපදෙස්

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරමින් ජාතික වැඩසටහනක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අයවැය මඟින් ජාතික, පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කළද රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙන් වෙන් වශයෙන් කටයුතු කිරීම හේතුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික කෘෂි පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතියේද සහාය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා පැවති කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට ගැළපෙන ලෙස බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි මෙම ජාතික වැඩසටහන සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන් අතර ඊට අදාළ ව්‍යාපෘති 26 කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයන්ගෙන් සමන්විත ඒකාබද්ධ වැඩසටහනක් මඟින් මෙම අභියෝගය ජයගත හැකි බවත් එතුළින් කෘෂි අපනයන ආර්ථිකයක් ස්ථාපිත කිරීම තම අභිප්‍රාය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී කෘෂිකර්මය වාණිජ මට්ටමකට ගෙන ඒම, කෘෂි ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සහ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන පිරිස් උනන්දු කරවීම සඳහා එම භූමිවල ඉඩම් හිමිකාරීත්වය ලබාදීම සිදුවිය යුතු බව පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී මතුවන විවිධ බාධා හා සීමාවන් විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පිහිටුවීම අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

තවද මේ වන විට දිස්ත්‍රික්ක 25න්ම තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 26ක නියමු ව්‍යාපෘති ආරම්භ කර ඇති බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිනි සේනානායක මහතා කෘෂි නවීකරණ ව්‍යාපෘති සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති බව සඳහන් කළේය. මේ වන විටත් තෝරාගත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් ව්‍යාපෘති යෝජනා ලැබී ඇති බවද ඔහු පැවසීය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල, ධීවර අමාත්‍යාංශයේ ලේකම් කේ.එන් කුමාරි සෝමරත්න, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ම ශ්‍රී කුමාරතුංග, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු රේඛීය අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැළෙන පෞද්ගලික අංශ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...