පාපොච්චාරණයකට සැරසෙන සමන් රත්නායක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04, කොළඹ (LNW): අද (04) දින බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිත බව සඳහන් වේ.

මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් මෙම සැකකරු වෙන්කර රඳවා තැබීමටද නියම කර තිබෙන බව වාර්තා වේ.

පසුගියදා, බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සැකකාර සමන් රත්නායක මහතා පසුගිය පළමුවැනිදා රහස් පොලිසියට පැමිණී අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර , පසුගිය 02 වැනිදා ඔහු මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් වු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් දීමට සුදානම් බවට කළ දැනුම් දීමකට අනුව එලෙස නියම කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...