පාපොච්චාරණයකට සැරසෙන සමන් රත්නායක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 04, කොළඹ (LNW): අද (04) දින බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියළු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ රහස් පාපොච්චාරණයක් කිරීමට නියමිත බව සඳහන් වේ.

මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් පාපොච්චාරණය කිරීම සඳහා ඔහු අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළ මහෙස්ත්‍රාත්වරිය මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් මෙම සැකකරු වෙන්කර රඳවා තැබීමටද නියම කර තිබෙන බව වාර්තා වේ.

පසුගියදා, බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සැකකාර සමන් රත්නායක මහතා පසුගිය පළමුවැනිදා රහස් පොලිසියට පැමිණී අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර , පසුගිය 02 වැනිදා ඔහු මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් බාරයට පත් කිරීමට සුදානම් වු අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් දීමට සුදානම් බවට කළ දැනුම් දීමකට අනුව එලෙස නියම කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...