දකුණු කොරියාව වර්ජනයේ නිරත වෛද්‍යවරුන් 9,000කගේ බලපත්‍ර අත්හිටු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 04,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : 2025 අධ්‍යයන වර්ෂයේ සිට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 2,000 කින් වැඩි කිරීමට රජය ගනු ලබූ තීරණයට එරෙහිව වැඩ වර්ජන ආරම්භ කළ කනිෂ්ඨ වෛද්‍යවරුන් 9,000කගේ පමණ බලපත්‍ර අත්හිටුවීමට දකුණු කොරියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ශීඝ්‍රයෙන් වයස්ගත වන ජනගහනයට සාපේක්ෂව රටේ වෛද්‍යවරුන් අඩුවීම හේතුවෙන් රජය වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට එරෙහිව වැඩ වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එය අවසන් කරන ලෙසට ලබාදී තිබූ අවසාන නිවේදනය නොසලකා හැර තිබීම හේතුවෙන් රජය විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම වර්ජනය හේතුවෙන් සමහර සැත්කම් සහ ප්‍රතිකාර අවලංගු කිරීමට මෙන්ම රෝහල්වල හදිසි ඒකක ක්‍රියාත්මක කිරීමට බාධා එල්ල විය.

පෞද්ගලික වෛද්‍යවරුන් නියෝජනය කරන කොරියානු වෛද්‍ය සංගමය (KMA) විසින් සංවිධානය කරන ලද මෙම වර්ජනයේදී විදිබට වෛද්‍යවරුන් පවසන්නේ රජය වෛද්‍යවරුන් සංඛ්‍යාව වැඩි කිරීමට පෙර වැටුප් හා සේවා කොන්දේසි පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

දකුණු කොරියානු නීතිය යටතේ වෛද්‍යවරුන්ට වැඩවර්ජන ක්‍රියාමාර්ග ගැනීම සීමා කර ඇති අතර මේ වන විට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ඉහළ නැංවීමේ සැලැස්ම මහජනතාව අතර ජනප්‍රිය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...