කොළඹ LNW:වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයින්ට සැලකිය යුතු වැටුප් වැඩිකිරීමක් සිදුකර ඇති පසුබිමක ජනතාව පීඩාවට පත්කරමින් අසාධාරණ අයුරින් වෘත්තීය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මෙවර අයවැයෙන් දීමනා කප්පාදු කර ඇති නිසා මාර්තු 05 දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට එළඹෙන බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනුයි අමාතයවරයා මේ බව පැවසුවේ.
වෘත්තීය සමිති අරගලයක් නොමැතිව පවා මෙම රජය සමස්ථ වෛද්‍යවරුන් වෙනුවෙන් දැනෙන වැටුප් වැඩිවීමක් සිදු කර ඇති බව ජයතිස්ස මහතා කියාසිටියේය.
මූලික වැටුප,නිවාඩු දින දීමනා,අමතර රාජකාරි දීමනා සහ බදු සහන මෙවර අයවැයෙන් වෛද්‍යවරුන් වෙනුවෙන් ලබා දී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. මීට අමතරව දැනට තිබෙන රුපියල් 1630 වැටුප් වර්ධකය රුපියල් 1940 දක්වා වැඩි වන බවත් දැනට තිබෙන 2170 වැටුප් වර්ධකය රුපියල් 3900 දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.
6 වනදා පැවැත්වෙන සෞඛ්‍ය අමාතයංශයේ වැය ශීර්ෂය තිබෙන මොහොතක මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මෙවැනි අසාධාරණ වෘත්තිය ක්‍රියාමාර්ග සිදු නොකරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටියේ.
”රාජ්‍ය සේවයට ඇතුළත්වන වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 54,290 යි. එම වැටුප රුපියල් 94,150 දක්වා වැඩි කරනවා. මූලික වැටුප හැටියට. ඒ කියන්නේ වෛද්‍යවරයෙකුගේ මූලික වැටුප රුපියල් 39,860කින් වැඩිවීම වෙනවා. අනෙකුත් දීමනා සියල්ල එකතු වුණාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකුගේ දළ වැටුප 240,000ක් පමණ වෙනවා. මේකේ පළවෙනි අදියරය හැටියට අප්‍රේල් මාසයේදී විතරක්, වැටුප් වැඩිවීමෙන් රුපියල් 15,582ක් ලැබෙනවා. දෙවන ශ්‍රේණියට අයත්වන වෛද්‍යවරයෙකුට මූලික වැටුප තිබ්බේ රුපියක් 58,305යි. ඒ වැටුප රුපියල් 101,370 දක්වා වැඩි වෙනවා. ඒ කියන්නෙ රුපියල් 43,065කින් මූලික වැටුප වැඩි වෙනවා. පළමු ශ්‍රේණියේ වෛද්‍යවරයෙකුට දැන් තියෙන මූලික වැටුප රුපියල් 71, 805යි. ඒක රුපියල් 125,670 දක්වා වැඩි වෙනවා. මූලික වැටුප් වැඩිවීම රුපියල් 53,865යි.
කණිෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට දැන් ලැබෙන මූලික වැටුප රුපියල් 88,000යි. ඒක රුපියල් 156,000 දක්වා වැඩි වෙනවා. මූලික වැටූප් වැඩි වීම රුපියල් 68,000යි. මෙම මූලික වැටුපෙන් දැනෙන කොටසක් මේ අප්‍රේල් මාසයේදී හිමිවන බවත් තවත් කොටසක් 2026 ජනවාරී මාසයේදීත්, 2027 ජනවාරි මාසයේදීත් එනම් මාස 20ක් ඇතුළත් රුපියල් 40,000 සිට 68,000 දක්වා වන වැටුප් වැඩිවීම් ලැබෙන බවත්” අමාත්‍යවරයා තවදුරටත් පවසන ලදී.
ආශිකා බ්‍රාහ්මණ
