නැගෙනහිර අනත්වාදී සංවිධානයක් ගැන තොරතුරු හෙළිවෙයි!

කොළඹ LNW:නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අන්තවාදී සංවිධානයක් නිර්මාණය වී ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධ තොරතුරු රජය වෙත ලැබී ඇති බවයි අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ.

තවදුරටත් ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදයේදී ජනාධිපතිවරයාද යම් කරුණු ප්‍රමාණයක් පැවසූ අතර ආරක්ෂක අංශ තවදුරටත් ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටින බව පැවසිය හැකි බවද අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...