මනුදි සහ චේතනා ODI අභිෂේක ගැන්වීම චමරි සහ රුමේෂ් අතින්

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 04, (LNW)කොළඹ

නවසීලන්තයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් මනුදි නානායක්කාර සහ චේතනා විමුක්ති ජාත්‍යන්තර එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්තා.මේ වන විටත් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාව වන මනුදි,එම අවස්ථාවේදී ජාත්‍යන්තර එක්දින තරග සඳහා භාවිත හිස්වැස්ම ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු අතින් වීම කැපී පෙණුනා.


චමරිලා දුෂ්කරතා මැද රැඟෙන ආ ලාංකේය ක්‍රිකට්වල අතීත කැපවීම්වල පල හැටියට චමරිලා අභිබවා යා හැකි දක්ෂතා සහිත අනාගතයකට මාවත විවර කර ගෙන සිටින මනුදිලා තව විශාල කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර ජයග්‍රහණ ගෙන ආ හැකියි.චමරි ද එවැනි අදහසක් දරමින් මනුදිට සුබ පැතුවා.


මොණරාගලින් පැමිණ ජාතික කණ්ඩායම එක්වීමට භාග්‍යය ලත් චේතනා විමුක්ති මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සිටින වේගයෙන්ම පන්දු යවන ක්‍රීඩිකාවන් අතරින් ඉදිරියෙන්ම නම සඳහන් ක්‍රීඩිකාවක්.ඇය කණ්ඩායම් පුහුණුකරු මෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද අති විශිෂ්ඨ සේවයක් කළ ක්‍රීඩකයෙකු වෙනවා.භයානක වේග පන්දු යවන්නෙකු ලෙස ලෝකයේම අවධානය දිනා ගත් රුමේෂ්,චේතනාට එක්දින වරම් ප්‍රධානය කරමින් හිස් වැස්ම ලබා දීම ද වටිනා ක්‍රියාවක් ලෙස දැකිය හැකියි.


මේ සමඟින් අදාළ වීඩියෝව නැරඹීය හැකියි.


http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට මඩ ගහන්නේ පාපිෂ්ඨ කල්ලියක්. 500%ක් විශ්වාසයි ජනතාව ඉන්නේ අපේ ආණ්ඩුවත් එක්ක – මන්ත්‍රී සුරවීර

සටහන - රුවන් නෙළුගොල්ල සෝදුපත් නොබැලූ පොතක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා...

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...