මන්ත්‍රී දයාසිරි කොන්දේසි විරහිතව සමාව ඉල්ලයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා සම්බන්ධයෙන් තමන් පසුගියදා සිදුකළ ප්‍රකාශය තුළින් සිත් රිදුණු සියලුම දෙනාගෙන් කොන්දේසි විරහිතව තමන් සමාව ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවෙහි ඒ සම්බන්ධයෙන් තැබූ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.


සිත් තැළුණු සියල්ලනි, මට සමාවන්න.

මාගේ ප්‍රකාශයෙන් සිත් තැළුණු සියලුම දෙනාගෙන් කොන්දේසි විරහිතව මා සමාව ඉල්ලා සිටිමි.

එක් රැයකින් රටවල් හැදුනේ නැත. අපේ රටේ මිලියන 22ක ජනතාව මේ දක්වා අත්විඳි සියලුම කඩාවැටීම්වලට වගකිව යුතු දේශපාලකයින්ම සියලු ශ්‍රී ලාංකිකයෝ භුක්ති විඳිමින් සිටින බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවාවන් සහ වරප්‍රසාදවලටද වගකියන්නෝ වෙති.

සැපයක් යැයි 76 වසරකට වෛර කරන්නෝ ඒ සියල්ලටම වෛර කරන්නෝ වෙති.

නිදහස් සෞඛ්‍ය, ආබාධ තිබුණත් ඉහළටම යන්න බාධාවක් නොවන නිදහස් අධ්‍යාපනය, ඉඳහිට බාධා ඇතිවුණත් මේ මට්ටමින් හෝ පවතින විදුලිය, ජලය, ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සහ තවත් සර්ව සම්පූර්ණ නොවුන බොහෝ පහසුකම් සහ ජයග්‍රහණ අවතක්සේරු කිරීමේ බොරුව විශ්වාස කළ හැක්කේ කෙසේද ?

76 වසරක් තිස්සේ බිඳෙන් බිඳ පියවරෙන් පියවර පුරවැසියන්ගේ කැපකිරීම් මතින්ම ගොඩ නගාගත් සම්පත් සහ සේවාවන් භුක්තිවිඳිමින් ඒ දේවල්වලටම වෛර කිරීම පුරවැසියන්ගේ සංස්කෘතිය විය යුතුද ?

ඔබේ දරුවන් ලොකුමහත් විය යුත්තේ අද පාරට බැස්සම සමාජයේ ඇති වෛරී පරිසරයේද ?

ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරය ශිෂ්ට විය යුතු නැති බව වැඩිහිටි ලාංකිකයින් දරු මුණුපුරු ලාංකිකයින්ට දෙන ගුණයහපත්කමද ?
නැත.

දේශපාලකයින්ගේ වැරදි නීතිය හමුවට ගෙන ආ යුතුය.
නීතියෙන් වැරදි නම් දඬුවම්ද ලැබිය යුතුය.

ඒත් ඔවුන්ට මට්ටු කිරීමට රටක සමාජ ආකල්පය පාවිච්චි නොකළ යුතුය.

බාල මහලු දුප්පත් පෝසත් උගත් නූගත් ආබාධිත ආබාධ නැති සියල්ලන්වම, දේශපාලන ජයග්‍රහණ සහ බලය අත්පත්කර ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමාජ වෛර ප්‍රචාරණ ව්‍යාපෘතියේ කොටස්කරුවන් කරගැනීම තිබුණු තැනටත් වඩා පහත් තැනකට සමාජය ඇද දැමීමකි.

මා ඒ කතාවෙන් පැහැදිලි කිරීමට උත්සහ කළේ ඒ කාරණාවයි.

එහෙත් ඒ වැදගත්ම දේ යටපත් කරමින් මතු වූ සිත්රිදවීම ගැන මා කණගාටු වෙමි.

ආබාධත ප්‍රජාව වෙනුවෙන් මගේ සිතේ ඇති සහකම්පනය සහ මා ඔවුන් වෙනුවෙන් කළ කී දෑ ගැන මා මෙහි නොකියමි.

ස්තූතියි.

~ Dayasiri Jayasekara

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...