කඩා වැටුණු රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගය යි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රාජපක්ෂ රජය සහ රාජපක්ෂ සෙවනැලි රජය මේ රටේ ජනතාව වලපල්ලට ඇද දමා අවසන් බවත් බදු වැඩි කර විදුලි බිල ඇතුළු සෑම දෙසජිත් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් සාමාන්‍ය ජනතාවගේ සිට පාසල් දූදරුවා දක්වා සියලු දෙනා අසරණ වී ඇති මොහොතක ඔබට දිය හැකි බලාපොරොත්තුවක් වන්නේ සමගි ජන බලවේග රජයක් තුළ ආර්ථිකය පුළුල් කර මානුෂීය ධනවාදී ක්‍රමයක් තුළ ධන උත්පාදනය ක්‍රියාත්මක කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එම සම්පත් සමසේ බෙදී යන යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් අප රටේ ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ අවස්ථාවේ රටට ඇති එකම විකල්පය, එකම‘උත්තරය’වන්නේ මානුෂීය ධනවාදය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මුදුන්පත් කර ගෙන සැමගේම අතමිට සරුවන යුගය බිහි කර ගම හදා රට හදන නගර හදා රට හදන නව සංකල්පය බවත් ඒ සඳහා සැවොම එකතු වන ලෙසත් විපක්ෂ නායකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පසුගියදා රක්වාන, ගොඩකවෙල ප්‍රදේශ පැවති ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

රටක් ලෙස ඉදිරියට යා යුත්තේ තාක්ෂණය දැනුම හා නව ක්‍රමවේද මත බවත් දැනුම හා අපනයන මුල් කර ගත් ආර්ථීකයක් හරහා අපනයන ප්‍රවර්ධන ආයෝජන සැලසුමක් සකස් කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමුද්‍රය කේන්ද්‍ර කර ගත් නීල ආර්ථිකයක් සහ ස්වාභාදහම මුල් කර ගත් හරිත ආර්ථික ක්‍රමයකට යොමුවීම තුළින් කාබන් විමෝචනය අවම කර ගෙන ලෝකයේ ප්‍රමුඛ සංවිධානවල සහාය අප රටට ලබා ගත හැකි බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

එසේම අපේ රටේ තාරුණ්‍යය දේශපාලනමය වශයෙන් ආර්ථික වශයෙන් දැනුමෙන් සවිබල ගන්වා දුගී දුප්පත්කම තුරන් කිරීමට කටයුතු කළ යුතු බව පැවසූවේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවට වූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

විමල්‍ට වරෙන්තු!

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : හිටපු ඇමති විමල්...

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...