*
Sunday, May 12, 2024
spot_img

Latest Posts

රැල්ල ගැන රැල්ලෙන් පිටත සිට කරන කියවීමක් ….

අපේ රටේ බොහෝමයක් දේශපාලන පෙරලි සිද්ද උනේ රැළි වලින්. බන්ඩාරනායකගේ රැළ්ල, මහින්දගේ රැළ්ල, ගෝඨාබයගෙ රැළ්ල යනාදිය උදාහරණ ලෙස ගත හැක. ඒවගේම මේ සෑම රැළ්ලක්ම කෙලවර උනේ රට ඇතුලේ දිගුකල් පවත්නා අර්බූදයක් නිර්මාණය කරලා …

මේ රැළ්ල කියන වචනය තව ටිකක් සරළ කරලා ගත්තොත් රැළ්ලට රංචුවාදය කියලා කියන්ටත් පුළුවන්. මෙතනදි මේ රංචුවාදය අභ්‍යාස කරන්නේ බොහෝ විට සිවිලයිස් නොවූ සමාජ දේශපාලන සන්දර්බයක් ඇතුලෙදී. 83දී ඇතිවූ දෙමළ විරෝධී ප්‍රචන්ඩත්වය සහ මෑතකදී ඇතිවූ ඉස්ලාම් විරොධී ප්‍රචන්ඩත්වය යනාදී සියල්ල ක්‍රියාත්මක උනේ මේ රංචුවාදය ඇතුලේ. ඒ වගේම මේ මොහොතේත් ඊට සමාන රැළ්ලක් මතුවෙලා තියෙනවා. ඒ රැළ්ල නිර්මාණය වෙලා තියෙන්නෙ වමට නැබුරු බලවේගයක් වටා (මාළිමාව).

මෙතනදි ප්‍රබල තර්කයකුත් මතුවෙලා තියෙනවා මේ රැළ්ල කලින් රැළිවගේ නෙමේ මේ රැළ්ල නිවැරදි දිශානතියකට යොමු උන රැළ්ලක් කියලා. නමුත් මෙතනදි අපට පෙන්වා දීමට සිදුවන්නේ කුමණ රංචුවාදයක් හෝ වේවා ඒවායේ විබවයන් සමාන බවය.

ලාංකීය රන්චුවාදය උත්පාත වීමේ මූලික විබවය වන්නේ ජාතියක්  විදියට තමා මුහුණ දෙන සදා දුක්වේදනා, අපේක්ෂා කඩවීම්, ආර්ථික දුෂ්කරතා යනාදිය ස්වකීය ජාතියේම අවුලක් ලෙස වටහා ගැනීමේ ක්ෂතියෙන් ගැලවෙනු පිනිස එය බාහිරට බහිෂ්කරණය කර (ප්‍රක්ශේප්පනය කර) එය බාහිර සතුරෙකුගේ බලපෑමෙන් සිදුවන්නක් ලෙස උපකල්පනය කරගත් සාමූහිකවාදයකි.

ඇත්තෙන්ම බිඳ වැටුන ජාතියකට බිඳවැටීමේ හේතුව පවතින්නේ තමා තුල නොව බාහිර සතුරෙකු තුල යැයි විස්වාස කිරීම සහනයකි.  ඒ අනුව ඉතිහාසයේ එක්තරා යුගයක තමා මුහුණ දෙන අර්බූදයන් යනු දෙමළුන්,  N.G.O. කාරයන්, බටහිරයන් විසින් නිර්මාණය කල එකක් ලෙස විස්වාස කල ලාංකිකයන් දෙමළුන්, N.G.O. කාරයන් පරසක්වල ගැසීමට රැළි පිට රැළි නිර්මාණය කර ගත්තෝය.

මේ රැළි වාදය විසින් එක්තරා මොහොතක දහස් ගණනක දෙමළ ජීවිත ද ආටි, මෝටාර්, මල්ටිබැරල් ලෙසින් මිලියන සිය ගානක ධනස්කන්ධය ද දවා හළුකර දැමුවේය. ඉක්බිති ඉතින් නම් ජාතියේ ඉදිරි ගමන වැලැක්විය හැකි ජගතෙකු නැතැයි සිතමින් මිනිසුන් මංමාවත්වල නටමින් ගයමින් කිරිබත් කෑ හැටි අපට මතකය. නමුත් එහි ප්‍රතිපලය විසින් ජාතිය තවතවත් අගාදයටම ඇදවැටුනා විනා අපේක්ෂිත විමුක්තිය ලැබුනේ නැත.

කිරිබත් කෑම අවසන් වී ගතවූයේ ටික කලකි, නැවතත් ස්වකීය කාලකන්නි කමට වගකිවයුතු වග උත්තර කරුවෙකු සොයා ගැනීම අත්‍යාවශ්‍ය අවශ්‍යතාවයක් බවට පත්විය. එහිදී ඊළඟට මතුවූ ඉස්ලාම් විරෝධය යනු අන් කවරකවත් නොව අප විසින් වාෂ්පකර දැමූ දෙමළාගේ හිස් තැනට බාවිතාකල ඊළඟ ආදේශකයයි.
මෙහිදී රාජපක්ෂ, වීරවංශ වැන්නෝ යනු මෙකී මූසළ රැළි මතින් අපේක්ෂිත පුත්ගල ඉලක්ක කරා ලඟාවූ නරුමයන් පමණි, සැබෑ අර්බූදය තිබුනේ ස්වකීය ජාතියේ බංකොලොත් අධ්‍යාත්මය තුලමය.

සාපි, බාලචන්ද්‍රන්, ඉසිප්‍රියා යනු මෙකී ආතතිය දුරුකර ගැනීම උදෙසා බාහිර සතුරෙකු සොයමින් සිටි ජාතියකගේ සහනය වෙනුවෙන් කුරුසපත් වීමට සිදුවූ අවාසනාවන්ත මිනිස් ප්‍රානීන් පිරිසකි. මෙසේ අසහනයට පත්වූ ජාතීන්ට  ස්වකීය අසහනයේ වග උත්තර කරුවන් සොයමින් නිරන්තරයෙන් රැළිපිට රැළි නිර්මාණය කරගනු විනා තමන්ගේ රැළි මතින් සිදුවූ ඛේදවාචකයන් දෙස හැරී බැලීමටවත් ඒ ගැන කම්පාවීමටවත් කිසිදා බුද්ධිය පහලවන්නේ නැත.

ඉතිහාසයේ එක් මොහොතක පරාබවයට වැටුන අපට ජාතියේ පර සතුරන්වූ දෙමළා මුසල්මානුවා පොලොවට සමතලා කොට ජාතිය නැවත නගාසිටුවන දියසෙන් පරපුරක් ලෙස රාජපක්ෂ පරපුර සම්මුඛ විය. එහිදී උතුරේ මිනිසුන් විසිදාහක් පමණ වැලිගම්පිටි යවා ජාතියට ඇවැසි දේ රාජපක්ෂවරු ඉටුකර දුන්නේය. එහිදී ජාතියට ලැබුන නරුම විනාශයක් මිස සෞබාග්‍යක් නැත.

ඉක්බිත්තෙන් රැළ්ල මුසල්මානුවන් වෙත හැරුනද එයද පලක් නොවීය. ඊළඟට ජාතිය විසින් ඉහලට එසවූ ජාතියේ දඩයක්කරුවා වු රාජපක්ෂවරුම ජාතියේ දඩයම බවට පත්වීම අනිවාර්ය සහ ධෛවෝපගත ඉරණම වීමට නියමිතව තිබුන අතර එය එසේ විය.

ආදායම් උපයන මාර්ග නැති ලෝකයෙන් ණයට කන ජාතියක් යුද්ධයක් කලද එයද ණයට කරන යුද්ධයක් මිස අභිමානවත් යුද්ධයක් වන්නේ නැත. එවන් පසුබිමක් තුල තප්පරයකට බිලියන ගානක ධනස්කන්ධයක් පුළුස්සා දමමින් කල යුද්ධයක වියඳම හැරෙන තැපෑලෙන් ආපිට පැමිණීම අනිවාර්යක් මිස අහඹුවක් වන්නේ නැත.

පාලකයන් විසින් යුද්ධය සමඟ කල සුද්ධය විසින් අර්බූදය තවතවත් තීවුර කර දුන්නේය. ඊළඟට කෝවිඩ් වසංගතය විසින් අර්බූදය අත ලඟටම ගෙනැත් දුන්නේය. තත්වයන් එසේ විග්‍රහ කර බැලීමේදී රාජපක්ෂවරු යනු අර්බූදයේ කුඩා කොටසක් මිස සමස්තය නොවේ.

බණ්ඩාරනායකගේ රැළ්ලේද, මහින්දගේ රැළ්ලේද ගෝඨාගේ රැළ්ලේද මෙන්ම අනුරගේ රැළ්ල තුලද කිසිදු තැනක ජාතියක් විදියට අප වරද්දාගත් තැනක් ගැන කිසිදු සඳහනක් නොමැත, ඒ වෙනුවට රැළ්ලේ හැම තැනම දෝරේ ගලා යන්නේ ජාතියට පිබිදීමට ඉඩ නොදුන් සතුරෙකුට හෝ පවාදෙන්නෙකුට හෝ සොරෙකුට හෝ එරෙහි කාහල නාදයයි.. චින්තනමය වශයෙන් හෝ බෞතික වශයෙන් හෝ කිසිදු නිශ්පාදනයක් නොකරන සදා අර්බූදයේ ගිලී ඇති ලාංකිකයාට එකී බංකොලොත් ආතතියෙන් මිදීමට ඇති එකම මානසික මග අතීතකාමී හා ජාතිවාදී, යුධවාදී ආරළු බූරළු උත්කර්ෂයට ගෙන ඒම පමණි.

පසුගිය සමයේ ගෝඨාගේ ජයග්‍රහණයෙන් ඉක්බිති ජයග්‍රහණයෙන් අමන්දානන්දයට පත්වූවන් විසින් තාප්ප පුරා ඇඳි සිතුවම් වලින් පවා දෝරෙ ගැලුනේ රාවනා දුටුගැමුණු අතීතකාමී හා ජාතිවාදී යුධවාදී ගොසරෑවන්ය. මෑතකදී හඳුන්නෙත්ති විසින් කල ප්‍රකාශයක පවා සඳහන් වූයේ එකී සිතුවම් ක්‍රියාවලියේ ගැඨළුවක් නැති බවය, ගැඨළුව ඇත්තේ පාලකයන්ගේ බවය. ඒ අනුව සියළු රැළිවල කක්ෂය එකක් බව අපට මනාව වටහා ගත හැකිය.

එහෙයින් වර්තමානයේ ගොජදමමින් තිබෙන්නේද ප්‍රභාකරන්ට, සහරාන්ට, N.G.O. කාරයන්ට, බටහිරයන්ට එරෙහිව රැළිපිට රැළි නැංවූ ප අතීත රැළි ප්‍රවාහයේම දිගුවකි. වෙනස එහි සෙන්පති ලෙස සිටි මහින්ද වෙනුවට අනුර සෙන්පති කර මහින්ද පරසතුරෙකු කිරීම පමණි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan