*
Saturday, October 26, 2024
spot_img

Latest Posts

මජංවලින් ඔප වැටුණ පාපැදි තරුවක මුල් පියවර – ගුවන් පාපැදි සවාරියේ දෙවන අදියර දිනූ දිනූෂ සාරංග

හුඟක් දේවල් පිරිසුදු කරන්න,පැහැපත් කරන්න ක්‍රියා කරවන්න පාවිච්චි කරන දේවල්වලට සුන්දර පෙණුමක් නැහැ.සරලවම ගත්තොත් මඩවලින් වැලිවලින් ඔප දමන කොච්චර දේ තියෙනවද?මේ සටහනට පාදක වන්නෙත් ඒ විදහට ජීවිතය ගෙනියන්න මජං අත්වල තවර ගත්තු තාත්තා කෙනෙක්ගෙ ආදරය ඇතුළෙ වැඩෙන දීප්තිය වැඩෙමින් තිබෙන තරුවක් ගැන.දරුවෙක් ගැන කියනවට වැඩිය තරු ගුණය ඇති බව කියන්නෙ තවමත් අවුරුදු 20 මේ කොළු ගැටයා ක්‍රියාත්මක ගුවන් සවාරිය පාපැදි තරගයේ දෙවන දින අදියර තත්පර 51 ක පරතරයක් තියානෙ ජය ගැනීම නිසයි.ඔහු දිනූෂ සාරංග පෙරේරා.


මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ලංකාවෙ පාපැදි කේෂ්ත්‍රයේ වැදගත් අවස්ථාවක්.ඒ සඳහා ඉන්දියානු ක්‍රීඩකයින් පස් දෙනෙක් එකතු වෙලා ඉන්නවා.ඒ පස් දෙනා අතරින් ක්‍රිෂ්ණ නායකොඩි දින දෙකක් නිමාවේ ඉන්නෙ සිව්වන තැන.හෙට පොළොන්නරුවෙ සිට අනුරාධපුරට එන ගමන් මඟේ ක්‍රිෂ්ණ විශාල තර්ජනයක් වේවි.දැනට ඉදිරියෙන් සමස්ත තරගයේ ඉචිරියෙන් ඉන්න තිදෙනා පිළිවෙලින් චන්දන දයානන්දන,අවිශ්ක දිල්නුවන් සහ සුරංග රණවීරයි.ඉන් පළමු දෙදෙනා යුද හමුදාවට අයත්.තෙවැන්නා නියෝජනය කරන්නේ දෙහිවල ගල්කිස්ස නගර සභා කණ්ඩායමයි.


නමුත් මේ සටහනට පාදක කතා නායකයා ඉන්නෙ සමස්ථ තරගයේ 16 වන තැනයි.ඔහුට තරගයේ පළමු දිනය ජයගන්න අපොහොසත් වීම සහ මදක් පසුපසින් සිටින්නට වීම නිසා මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙලා.අද ඔහු හරියටම පැය 3:42:53 න් තරගය නිම කරද්දි ඊට තත්පර 51 පසුපසින් හිටියෙ නාවික හමුදාවේ ප්‍රභාෂ් මධුශංකයි.ඉන් පසුපසින් පැමිණියේ මේ තරගයට සහභාගිවන පළපුරුදුම තරගකරුවෙක් වෙන ජානක හේමන්ත කුමාරයි.ඔහු පැය 3:43:48 ක කාලයක් ගෙවා තිබුණා.ප්‍රභාෂ් මෙන්ම ජානක ද නාවික හමුදාව නියෝජනය කරන අතර තවත් පළපුරුදුම තරගකරුවෙක් වෙන සුධීර නිලංග පොලිසිය නියෝජනය කරමින් සමස්ත තරගයේ 23 වන තැන සිටිනවා.ඒ නිසා දිනුෂ සාරංග වැනි අතිශයින් තරුණ චරිත හා සමානවම සූධිරලගෙ ජානකලගේ අත්දැකීම් එක්ක කලවම් වූ මේ තරගාවලිය සපිරි එකක්.


දිනූෂ පාපදියට තරග කිරීමේ අදහසින් ගොඩවෙන්න පුරුදු කරන්නෙ ගයාන් කුමාර.යුද හමුදාව නියෝජනය කරපු පාපැදි තරගකරුවෙක් වෙන ගයාන් යටතේ පුහුණුව පටන්ගන්න කොට දිනූෂ කළගෙඩිහේන මහා විද්‍යාලයේ හය – හත වසර වගෙ ඇති.ඔහු ඒකට ඇබ්බැහිව කැපවීමේ තරම දැක ගන්න ලැබුණෙ නවය – දහය පංතිවලට එද්දි තරග ජයගන්න පටන් ගැනීමත් සමඟයි.


පාසලෙන් පස්සෙ මේ රෙස් පැදීමේ පිපාසය සංසිදවන්න ඔහුට පාර හැදෙන්නෙ යුද හමුදාවෙන්.වර්ථමානයේ ජයග්‍රාහී හිටපු පාපැදි සූරයෙක් වෙන දේසිත රාජපක්ෂ යටතේ පුහුණුව ලබන දිනූෂ,මේ ජයග්‍රහණ පිටුපස ඔහුගෙන් ලැබුණු ගුරුහරුකම් බොහොම ගෞරවයෙන් සිහිපත් කළා.

රේස් එක ඉවර වෙන්න කිලෝ මීටර් 25 ක් තියෙද්දි මම බන්ච් එකෙන් පැන්නා.ඒකට ආමි කණ්ඩායමම උදව් කරා.ඒ නිසා මට තනිව තත්පර 51 ඉස්සරහ ඉදන් තරගය ඉවර කරන්න ලැබුණ එකට ටිම් එකටම ස්තූති කරන්න වෙනවා.”
දිනූෂ කණ්ඩායමක් හැටියට සිය ජයග්‍රහණයට වැටුණු අඩිතාලම ගැන පවසන්නෙ බොහොම සතුටින්.නමුත් කණ්ඩායම් ජයග්‍රහණය සඳහා මුල් කණ්ඩායම තුළ යුද හමුදාව තරමේම නියෝජනයක් ගුවන් හමුදාවෙන්ද දැකිය හැකි නිසා ජයග්‍රහණය සඳහා තියුණු තරගයක් ඇති වෙයි.


“අම්මා රස්සාවක් කරන්නෙ නැහැ.අක්කා කැළනියේ කැම්පස් එකේ.තාත්තා වැඩ කරන්නෙ ගැරේජ් එකක.අපි පවුලක් හැටියට හොදට ඉන්නවා.තාත්තා අපි ඔක්කොම වෙනුවෙන් ගොඩක් දේවල් කරා.”


දිනූෂ පවසන්නේ තමන්ට කෙතරම් හැකියාවක් තිබුණ ද,යුද හමුදාවට බැදෙන්නට ඉඩක් නොලැබුණානම් මේ ජයග්‍රහණ සිහිනයක් බවය.


“සමහර විට ගමේ ස්ටෑන්ඩර්ඩ් රේස් හෙම පදියි.ඒත් මේ වගෙ රේසිංනම් බැරි වෙනවා.”
තමන්ට ස්ථීර වැටුපක් ඇති නිසා ගෙවන්නට ගත් බයිසිකලය ගෙවා නිමවීමටත් පෙර ජයග්‍රහණ කරා පැදවීමට හැකිවීම ගැන සතුටෙන් දිනූෂ පවසනවා.එසේම හමුදාවෙන් පුහුණු කිරීම මෙන්ම පාපැදි ක්‍රීඩකයින්ට අවශ්‍යය කරන බොහෝ පහසුකම් ලබා දීමත් මේ ජයග්‍රහණයට හේතුව බව දිනූෂ පෙන්වා දෙනවා.


“යුද හමුදාපතිතුමාගෙ ඉදලා පාපැදි භාර හැමෝමත් සමස්ත යුද හමුදාවම යුද හමුදාවෙ ජයග්‍රහණයක් වෙනුවෙන් බොහොම කැමැත්තෙන් ආශිර්වාද කරනවා.ඉතිං මේ ජයග්‍රහණය විතරක් නෙමෙයි ඉදිරියෙදි තවත් දක්ෂතා අතරට යන්න මට හමුදාව විශාල ආශිර්වාදයක් වෙයි.”

දිනූෂ බොහොම විශ්වාසයෙන් මුමුණනවා.
දිනූෂ මේ තරගාවලියෙ අවුරුදු 23 න් පහළ කාණ්ඩයේ දී වඩාත් ඉදිරියෙන් සිටින අතර එම වයස් කාණ්ඩයේ ක්‍රීඩකයින් ජයග්‍රාහී ලේඛණවල ඉදිරයෙන් සිටිනවාද දකින්නට ලැබෙනවා.එවැනි දක්ෂයන් පිරිසකට වඩාත් පෝෂණය පිරුණ විදෙස් පුහුණුවක් ලැබෙනවානම් මීට වඩා ඉදිරියට අපේ පාපැදිය දියුණු වෙයි.මේක සිඳු නොවුණම දෙයක්.පාපැදි තරග ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක පරිසරයක පාපැදි සමාජයක මිත්‍රශිලි අනුග්‍රහයෙන් ද එවැනි දෙයක් කරන්නට උත්සාහ කළ හැකියි.එවැනි තත්ත්වයකදී දිනූෂලගේ පරම්පරාවට ශ්‍රී ලංකාවේ පාපැදිය තිබෙන තත්ත්වය අභිබවා තවත් තට්ටු ගණනාවක් ඉහළට ලාංකේය පාපැදි හැකියාව ඉහළ නංවන්නට හැකි වේවි.


එහෙම දවසකට හීන තියාගෙන, දිනූෂ කිව්ව සතුටින් ඉන්න පෙරේරා පවුලේ ලාල් ශාන්ත පෙරේරා තාත්තාටත්,ගංගානි වික්‍රමආරච්චි අම්මාටත්,දිල්කි පෙරේරා වූ අක්කාටත් ආඩම්බරයක් වෙන්න පුළුවන් සීමාව තව තවත් පුළුල් කරන්නට තව තවත් වේගයෙන් දිනූෂ ගේ පාපැදි රෝද කැරකෙන්නයි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.


එමෙන්ම පොළොන්නරුවේ සිට අනුරාධපුර දක්වා යන ගමණ මුල් දවස් දෙකටම වඩා වේගවත් සහ තියුණු එකක් විය හැකි බැවින් හෙට බොහෝ දේවල් වෙනස් විය හැකි අන්දමට පාපැදි හරඹ සිඳුවනු ඇති බව සිතිය හැකියි.එහිදි තරුණයන්ගේ වේගය සමඟ කළමණාකරනය වෙන්නට සිය අත්දැකීම් යොදාගන්නා ජ්‍යෙෂ්ඨයන්ගේ හැකියාවත් අපූරු වර්ණයක් ගුවන් හමුදා පාපැදි සවාරියට එක් කරනු ඇතැයි සිතිය හැකිය.

නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan