*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/04

  1. ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩා විඳින රටවලට සහාය දැක්වීමට අවශ්‍ය බහු-පාර්ශ්වික ක්‍රියාදාමයන්වලට සහභාගී වීමට චීනය විවෘත බව චීන අග්‍රාමාත්‍ය ලී කේකියාංග් පවසයි – මීට අදාළව සියලු පාර්ශවයන් වෙත සාධාරණ බරක් පැටවිය යුතු බව ද පවසයි – ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් ලබන රටවල ණයවලට අදාළව කප්පාදුවක් කරන මෙන් හෝ පාඩුවක් ලබන මෙන් චීනය වෙත ඉල්ලීම් ලැබුන ද අනෙකුත් බහු-පාර්ශ්වික ණයහිමියන් ඊට සූදානම් නැති බවට චීන විදේශ අමාත්‍ය කින් ගැංග් චෝදනා කරයි – “ජ්‍යෙෂ්ඨ ණයහිමියන්” යැයි පවසා ගන්නා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ද ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ බර දැරිය යුතු බව බොහෝ විශ්ලේෂකයන්ගේ මතයයි.
  2. 2023 අයවැයෙන් මැතිවරණය සඳහා වෙන්කළ මුදල් මුදා නොහරිමින් රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට නියෝගයක් නිකුත් කරයි – පළාත් පාලන මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කළ මුදල් නිකුත් කරන මෙන් ඉල්ලා සමඟි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට ද තීරණය කරයි.
  3. “බදු ආදායමේ සහ වියදම්වල ඇති අසමතුලිතතාව නිරාකරණය කිරීම” සඳහා ශ්‍රී ලංකාවට ණය ප්‍රතිසංස්කරණ අවශ්‍ය වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි – “ණයහිමියන් සතු විශ්වාසය යළි ලබා ගැනීමට ද” එම ප්‍රතිසංස්කරණ උපකාර වූ බව පවසයි – ව්‍යාපාරික විශ්වාසය සහ වර්ධනය කඩා වැටෙද්දී, රජයේ සුරැකුම්පත් සඳහා රජයට ගෙවීමට සිදුවූ අතිරේක පොලිය, රජය විසින් එකතුකළ අතිරේක බදුවලට වඩා බොහෝ ඉහළ බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  4. ඇමරිකානු ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල “ස්ථාවර” තත්ත්වයේ පවත්වා ගනිමින් එහි ගැනුම් මිල රු. 334.50 ද, විකුණුම් මිල රු. 348.03 දක්වා ද පහත වැටෙයි – මධ්‍ය අනුපාතිකය රු. 346.17 කට “ස්ථාවර” වෙයි – දෛනික වශයෙන් නව අගයක් වාර්තා කරමින් මෑත දින සිදුවූ ශ්‍රී ලංකා රුපියලේ ශක්තිමත් වීම, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහගේ නියෝගයක් මත සිදුවූවක් බව බැංකුකරුවෝ පවසති.
  5. කොවිඩ් වසංගතයෙන් පසු පළමු වරට, චීනයේ ග්වන්ෂොව් සිට චීන සංචාරකයන් 115 රැගත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් දිවයිනට පැමිණෙයි – එළඹෙන අප්‍රේල් මාසයේ සිට චීනයේ ෂැංහයි, බීජිං සහ ග්වන්ෂොව් සිට සතිපතා ගුවන් ගමන් තුන බැගින් සිදුකිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සූදානමින් පසුවෙයි.
  6. ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50 වශයෙන් ලකුණු 100 කින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය කටයුතු කරයි – උද්ධමනය සියයට 79 සිට සියයට 50 දක්වා පහත වැටුණු බවට සහ “ආර්ථිකය ස්ථායී වූ” බවට මහ බැංකුව විසින් මීට ඉහත ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ විශ්ලේෂකයෝ ඉහත ප්‍රකාශයෙන් තුෂ්නිම්භූත වෙති.
  7. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන සියලු “මූලික ක්‍රියාකාරකම්” මේ වන විට අවසන් අතර, ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්, එය මෙම මස ආරම්භ කළ හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – දේශපාලඥයන් ජනප්‍රිය තීන්දු ගන්නා බැවින් මහ බැංකුව පාර්ලිමේන්තුවෙන් ස්වාධීනව කටයුතු කළ යුතු බව ද පවසයි.
  8. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රජයට වසරක කාලයක් තම පක්ෂය විසින් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසූ බවට තමාට ඇසුණු බවත්, මේ අනුව පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ජාතික ජන බලවේගයට ආණ්ඩුව සමඟ එකඟතාවයක් ඇති බව සනාථ වන බවත් සමඟි ජන බලවේගයේ පා.ම. නලින් බණ්ඩාර පවසයි.
  9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීම සහ අපේක්ෂිත ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක සාකච්ඡාවක් සූම් තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.
  10. ආණ්ඩු මාරුවක් සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, මහමඟ යනු පාර්ලිමේන්තුවට තිබෙන විකල්පයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan