ලෝක බැංකුවෙන් ණයක් හම්බුවෙලා දැන් පැලෙන්න සතුටු වෙනවා. පව් මේ රට – හඳුන්නෙත්ති (VIDEO)

අද වනවිට මේ රටේ පවුලක ආදායමෙන් 70% ක්ම වියදම් කෙරෙන්නේ ඖෂධ මිලට ගැනීමට සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“ඔන්න දැන් මැරෙන්න හදනවා, ඩොලර් එක නැගලා ලු. රුපියල ශක්තිමත් වෙලා ලු. මං බැලුවා යකෝ මොනවා හරි ටිකක් යවලාද පිටරටකට ? තේ ටිකක් යවලාද, රබර් ටිකක් යවලාද, කුරුඳු ටිකක් යවලාද, කෝපි ටිකක් යවලාද, පොල් ටිකක් යවලාද, මොකක්ද වෙලා තියෙන්නෙ මේ කියලා … බලනකොට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක් හම්බුවෙලා. කාට කියන්නද අප්පා … ණයක් හම්බුවෙලා, දැන් පැලෙන්න සතුටුයි. හරියට අර කාන්තාරෙට දිය වැටුණා වගේ. පව් මේ රට. කල්පනා කරලා බලන්න, අද බංගලිදේශෙන් ගත්තු ණය ගෙවාගන්න විදියක් නෑ. ඩොලර් කෝටි 5500ක් තව ගෙවන්න තියෙනවා. ඉපදෙන්න ඉන්න දරුවෙක් පවා ණයකාරයෙක් කරලා තියෙනවා. බෙහෙත් ටික ගන්න විදියක් නෑ. අද පවුලක ආදායමෙන් 70%ක් වෙන් කරන්නෙ බෙහෙත් ටික ගන්නයි දරුවන්ට උගන්නන්නයි. මේක තමයි ඇත්ත ජීවිතේ මුං අවුරුදු 75කට මේ රටේ ජනතාවට උරුම කරපු”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ පෙරේදා (02) රන්න ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...