”දැනුවත් වෙමු – ස්ථුලතාවයෙන් මිදෙමු”

Date:

ගෝලීය ස්ථූලතාවය වැළැක්වීමේ දිනය අදයි…

”දැනුවත් වෙමු – ස්ථුලතාවයෙන් මිදෙමු” මෙවර එහි තේමාවයි. ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ මහාචාර්ය, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ පැවසුවේ ළමා කාලයේදී ස්ථුලභාවයට පත්වන සියයට 75 කට වැඩි පිරිසක් වැඩිහිටියන් වූ විට ස්ථුලතාවයට පත්වන බවත් දියවැඩියාව, හෘද රෝග සහ අංශභාගය ඇතිවන වයස් සීමාව මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවයි .

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් පැවසුවේ ස්ථුලතාවය වැඩිවීම හමුවේ හෘද රෝග අවදානම ද වැඩිවන බවයි.

මේ අතර ලෝක ස්ථුලතා සම්මේලනය ඊයේ අනතුරු අඟවා සිටියේ නිසි පියවර නොගතහොත් 2035 වන විට ලෝක ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් අධික බර හෝ තරබාරු විය හැකි බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...