2023 පළමු මාස දෙකේ විදෙස් සංචාරකයන් 210,000 ක් මෙරටට

Date:

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉතාමත් අල්පවූ සංචාරක ක්ෂේත්‍රයේ ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරමින්, මේ වසරේ පළමු මාස දෙකේ පමණක් විදෙස් සංචාරකයන් 210,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඒ අනුව මේ වසරේ පැමිණි සංචාරකයන් ප්‍රමාණය

◾ජනවාරි මාසයේ 102,545
◾පෙබරවාරි මාසයේ 107,639

මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් විදෙස් සංචාරකයන් 210,184 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 107,639ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන අතර, මෙය පසුගිය 2022 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන 96,507ක් වූ සංචාරක ප්‍රමාණය හා සැසඳීමේදී 11.53%ක වැඩි වීමකි.

සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ 2023 වසරේ මුල් මාස 2 තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 210,184ක් වන අතර පෙබරවාරි මාසය තුළ රුසියා සංචාරකයන් 29,084ක් සහ ඉන්දීය සංචාරකයන් 13,714ක් පැමිණ ඇති අතර, එය පිළිවෙළින් සමස්ත සංචාරකයන්ගෙන් 27%ක් සහ 13%ක් බවයි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් 8,575ක්, ජර්මනියෙන් 7,930ක්, ප්‍රංශයෙන් 6,118ක්, ඔස්ට්‍රේලියාවෙන් 3,113ක් සහ කැනඩාවෙන් 3,107ක් ලෙස පසුගිය මාසය තුළ සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි රටවල් අතර වෙයි.

පසුගිය 2022 වසර තුළ විදෙස් සංචාරකයන්ගේ පැමිණීම 700,000 සීමාව ඉක්මවා යමින් 719,978 දෙනකු මෙරටට පැමිණ තිබෙන අතර, එය පසුගිය 2021 වර්ෂයට සාපේක්ෂව විශාල වර්ධනයක් බවද එම අධිකාරිය පෙන්වා දෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...