පොළිස් තනතුරු වල හදිසි මාරුවක්

Date:

පොළිස් මූලස්ථානය පවසන්නේ වහාම ක්‍රියාත්මතවන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකු ස්ථාන මාරුකර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභා ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව හදිසි සේවා අවශ්‍යතා මත එම පොලිස් නිලධාරීන් ස්ථාන මාරු කළ බවයි.

ඒ අනුව, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එන් ඒ කේ හේරත්, අම්පාර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.බී. විජේකෝන් ස්ථාන මාරු කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාසයේ සිට පුල්මුඩේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.

ඇතිමලේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස බණ්ඩාරවෙල කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් අබේසිංහ ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. රත්නපුර කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එම් යූ ආර් ජයතිස්ස සමනලවැව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී ඩී එම් එච් අයි දැල්කඳුර කුරුණෑගල කොට්ඨාසයේ සිට බෝගමුව පොලිස් ස්ථානාධිපතිවරිය ලෙස ස්ථාන මාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ් ඒ ඩී සී රොහාන් පොලිස් විද්‍යාලයේ සිට මිද්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ හේරත් ගම්පහ කොට්ඨාසයේ සිට වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථානමාරු කළ බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ. පර්යේෂණ හා සංවර්ධන කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එල් සී හිරියාදෙණියද ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.

මඩකලපුව කොට්ඨාසයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ එම් පේට් ගුවන් තොටුපළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්.එච්.ගුණවර්ධන ගම්පහ කොට්ඨාසයේ සිට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි ස්ථාන මාරු කර ඇත්තේ. වත්තල පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ ඩී අයි රාජපක්ෂ ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා ස්ථාන මාරු කර තිබෙනවා.

නිකවැරටිය කොට්ඨාසයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂක යූ එස් බී ධර්මරත්න තලමලගම පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේනර් වෙනුවෙන් දිලිත්ගෙන් ලියුමක් !

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලීසිය විසින් විදුලි සංදේශ නියාමන...

උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ආයෙත් කාලගුණය නපුරු වෙයිද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, කොළඹ LNW : එළැඹෙන දෙසැම්බර් මස...

දකුණු කොරියානු ජනාධිපති Lee Jae-myung ගෙන් චෝදනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියානු ජනාධිපති...