සී.බී. රත්නායකත් බඩු පැක් කරයි – කැබිනෙට්ටුවේ අර්බුද පිට අර්බුද !

Date:

කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පියවර ගත්තේය. ඒ අනුව විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් අමාත්‍ය තනතුරුවලින් ඉවත් කළ අතර එස්.බී. දිසානායක මහතා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කෙරිණි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍යවරයා ලෙස පත් වූ අතර ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නේය. එස්.බී. දිසානායක මහතාට හිමි වූයේ කර්මාන්ත අමාත්‍ය ධුරයයි.

ප්‍රවාහන අමාත්‍ය ධුරය මේ වනවිට හිස්ව ඇති අතර ඒ සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පත් කිරීමට නියමිත බවද වාර්තා වී තිබිණි.

තවත් කැබිනට් තනතුරු කිහිපයක් අද දිනයේදී සංශෝධනය වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව සිය හිතවතුන් සමග පවසා තිබෙනවා. ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දන්වා තිබෙන්නේ අමාත්‍යංශය තුළ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරන ලෙසයි.

කෙසේ නමුත් මේ දක්වා ඇමති ධුරයෙන් ඉවත් වන බවට ඔහු නිළ වශයෙන් නිවේදනය කර නොමැත.

විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 කණ්ඩායමේ ඉදිරි පෙළ සාමාජිකයෙකු වන වාසුදේව නානායක්කාර මහතා කැබිනට් ඇමති තනතුරින් ඉවත් නොකිරීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. පක්ෂ 11 කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකුගේ තනතුරු අහිමි කර ඇති බැවින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට වාසුදේව නානායක්කාර මහතාට බලපෑම් එල්ල වන බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...