ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ

ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය මාසික මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් පවසන්නේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය තවදුරටත් සීමා කළයුතු බවයි. විදේශ ප්‍රේෂණ හා ආයෝජනය ඉහළ දැමිය යුතු බවත් මේ හරහා විදේශ සංචිත ආරක්ෂා කර ගැනීම හා වර්ධනය කර ගැනීම සිදු කළයුතු බවත් වැඩිදුරටත් පවසනවා.

මීට අමතරව බදු ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද අවධානය යොමු කරන ලෙස මහ බැංකුව සිය නිර්දේශ මගින් සඳහන් කරයි.

මේ අතර මහ බැංකුව සිය මුල්‍ය ප්‍රතිපත්ති තවදුරටත් දැඩි කරමින් ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 6.5 % දක්වා ඉහළ දමා තිබෙනවා. බැංකු පොළී අනුපාතය 10.5% දක්වාත් ස්ථාවර ණය ගැනීමේ අනුපාතය 7.5% දක්වාත් ඉහළ දමා ඇති අතර ක්‍රෙඩිට් කාඩ්පත් මත අය කෙරෙන පොළී අනුපාතය 20% ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...