ඉල්ලා අස් වෙන්නෙත් නෑ ඇමතිකමේ වැඩ කරන්නෙත් නෑ – වාසුගේ අමුතු තීරණය

Date:

ඇමති ධුරවලින් ඉවත් කළ විමල් වීරවංශ මහතාට සහ උදය ගම්මන්පිල මහතාට සාධාරණය ඉටු වනතුරු තමා ඇමති ධුරයට අදාල රාජකාරි සිදු කිරීමෙන් වැළකී සිටින බවයි නානායක්කාර මහතා පවසන්නේ.ල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් රැස්වීම්වලට සහභාගිවීමෙන්ද වැළකී සිටින බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඇමති ධුරයට අදාල රාජකාරි සිදු නොකරමින් වැටුප් ඇතුළු ඇමති වරප්‍රසාද ලබා ගැනීම අසාධාරණ නම් එම වරප්‍රසාද ප්‍රතික්ෂේප කිරීමටද සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසනවා.

වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ විමල්, ගම්මන්පිල දෙදෙනාට සාධාරණය ඉටුවිය යුතු බවයි. ඔවුන්ට සාධාරණය ඉටු කර ගැනීම සඳහා මැදිහත් වන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව කළුතර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි කළුතර ප්‍රාදේශීය සභාවේ මංගල...

21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල

කොළඹ LNW: මහා වැසි වැස්සත්, මහා සුළං හැමුවත්, ආණ්ඩුව...

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...