මේ ජනාධිපතිවරයා යටතේ ආයෙ කැබිනට් එකේ වාඩිවෙන්න සූදානම් නෑ – විමල්

Date:

තමා හා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීම හරහා සියලු ආර්ථික ගැටලු විසඳෙනු ඇතැයි ආණ්ඩුවේ නායකයන් සිතා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. තමන්ට තනතුරු අහිමි වී හෝ රටේ ආර්ථික අර්බුද විසඳෙන්නේ නම් ඒ පිළිබඳව සතුටු වන බවයි ඔහු පවසන්නේ.

වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඇමති ධුරවලින් ඉවත් කිරීම පිළිබඳව සිය තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා විමල්-ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 කණ්ඩායම අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. එහිදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.

හෘදසාක්ෂියට අනුව කටයුතු කිරීමේදී තනතුරු ලැබේද නොලැබේද යන්න සලකා නොබලන බවත්, ආණ්ඩුව අභ්‍යන්තරයේ තිබෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

පක්ෂ 11 කණ්ඩායම පසුගියදා රැස්වීමක් සංවිධානය කළේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සහ අර්බුදයෙන් රට ගොඩ ගන්නා වැඩපිලිවෙල සාකච්ඡා කිරීම සඳහා බවත් පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන ඇමතිවරුන්ගේ තනතුරු අහිමි කිරීම ආර්ථික අර්බුදයනේ ගොඩ එන විසඳුම ලෙස ආණ්ඩුවේ නායකයන් තේරුම් ගෙන ඇති බවයි.

මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වත්මන් ජනාධිපතිවරයා යටතේ, වත්ම්න ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට කිසිදු බලාපොරෙත්තුවක් නොමැති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...