මා හපා කන්නේ නෑ, හම්බවෙලා සාකච්ඡා කරමු – සෙලෙන්ස්කි පුටින්ගෙන් ඉල්ලයි

0
649

සතියකට වැඩි කාලයක් තිස්සේ ඇදී යමින් තිබෙන යුදමය තත්වය අවසන් කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යළිත් අවධාරණය කරනවා. ඒ සඳහා තමා හා රුසියානු නායක ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවිය යුතු බවද සෙලෙන්ස්කි පවසයි.

සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකළ නමුත් මෙතෙක් රුසියානු නායකයා ඊට සූදානම් නොමැති බවත්, සාකච්ඡා සඳහා පුටින්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

‘පුටින්ට මා කියන්න කැමතියි, මා හමුවෙන්න බයවෙන්න එපා. මා හපා කන්නේ නෑ.’ යනුවෙන් යුක්රේන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කර තිබෙනවා.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ රුසියාවටද ආර්ථිකයම වශයෙන් දැඩි හානි සිදුව ඇති අතර මේ වනවිට රුසියානු රූබලය දැවැන්ත ලෙස කඩාවැටී තිබෙනවා. කෙසේ නමුත් රුසියානු නායකයා තවමත් අඩියක් පසුපසට තැබීමට සූදානම් නෙමැත. ‍

මේ අතර, යුක්රේන හමුදාව සිය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් සිටින බවට රුසියානු ජනාධිපතිවරයා යුක්රේනයට චෝදනා කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here