*
Friday, May 3, 2024
spot_img

Latest Posts

බැසිල් කවුද ? එයාට මොනවත් කරන්න බෑ. අපේ ගැහැණු දිහා බැලුවාම ඡන්ද කල්දාන්න කොහොමත් බයයි – අනුර

පසුගිය වසරේ පැවැත්වීමට තිබුණු පළාත් පාලන මැතිවරණය කල්දැමීමට රජය කටයුතු කළේ ජාතික ජන බලවේගය එම මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇතැයි බිය නිසා බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“බැසිල් එනවාලු ඇමරිකාවෙ ඉඳන්. ඇවිල්ලා මාර වැඩක් කරන්න යනවාලු. පස්වෙනිදා ගොඩබහිනවාලු, ඊටපස්සෙ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවාලු. බැසිල් ? කවුද ? ඕගොල්ලො මතක තියාගන්න, මීට අවුරුද්දකට එකහමාරකට කලින් එයාපෝට් එකෙන් එහා පැත්තට පැනගන්න බැරුව හිටපු අය. ඒගොල්ලන්ට යළි අපේ රටේ දේශපාලන සිතියමේ කිසිවක් කරන්න බෑ. හැබැයි ඒගොල්ලො ට්‍රයි කරනවා මොකක්ද, පාර්ලිමේන්තු ඡන්දෙ වාසිවෙයිද ? ජනාධිපතිවරණෙ වාසි වෙයිද ? රෑ නිදියනකොට කල්පනා කරනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් හොඳයි කියලා. උදේ නැගිටිනකොට හිතනවා ඒක විසුරුවා හැරියොත් අදම යන්න වෙනවා කියලා. ඒගොල්ලො උත්සාහ කරනවා විවිධ ඡන්ද ගුණ්ඩු ඇතිකරලා මේක නතර කරන්න පුළුවන් වෙයිද කියලා, නතර කරන්න බෑ. පහුගිය පළාත් පාලන මැතිවරණය කල්දැම්මේ ජනතාව මෙහෙම එකතු වෙනකොට ප්‍රාදේශීය සභා, නගරසභා ජාතික ජන බලවේගය දිනයි කියලා බයට. දැන් මේ එකතු වෙලා ඉන්න ගැහැණු දිහා බලපුවාම ඡන්දෙ කල්දාන්න කොහොමත් බයයි”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ජාජබ රත්නපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan