අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05, කොළඹ (LNW): අදින් ඇරඹෙන සතිය සඳහා අද, හෙට සහ අනිද්දා යන තෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද (05) අඟහරුවාදා පෙ.ව 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්ව ඇත.

පෙ.ව 10.30 සිට ප.ව 4.30 දක්වා පසුගිය පෙබරවාරි 20 වැනිදා දෙවනවර කියවීමේ විවාදයට ගෙන කල්තබන ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවන දිනටත් විවාදයට ගෙන මීළඟ දිනට කල්තැබීමට නියමිතව ඇත.

ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.

මාර්තු 6 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා ද පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා ද කාලය වෙන් කර ඇත.

පෙ.ව 10.30 ට පමණ, අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ දැනට පවතින 2024.02.03 දිනැති අංක 2369/58 දරන ගැසට් පත්‍රය කල් ඉකුත්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගැසට් පත්‍රයේ සදහන් නියමය ද එදින විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිතව ති

පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, පෙර දින විවාදයට ගන්නා ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තෙවන දිනටත් විවාදයටගැනීමට නියමිත බව සඳහන් වේ.

එසේම මහලේකම්වරිය පැවසුවේ, එදින සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වූ බවයි.

අනතුරුව ධීවර අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත සීනෝර් පදනම, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි වාර්ෂික වාර්තා ත්‍රිත්වයකට අදාළ යෝජනාවන් විවාද කිරීමෙන් තොරව අනුමත කරගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මාර්තු 7 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්වී ඇත.

ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය විසින් ඒකාබද්ධව ගෙනෙන යෝජනාවක් ලෙස “වනජීවීන් හේතුවෙන් සිදුවන වගා හානිය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇති බවද සඳහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ඉරානයට පහරදෙයි !!

ඉරානයේ පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඉතාම සාර්ථකව ප්‍රහාර එල්ල...

අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

සටහන - රුවන් නෙළුගොල්ල අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව...

බදුල්ල බස් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට. රිය පදවා ඇත්තේ සහායකයා

සටහන - රුවන් නෙළුගොල්ල බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ...

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...