ශ්‍රී ලංකන් ලංසු විවෘත කිරීම අද

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05,, කොළඹ (LNW): අද (05) දින ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු විවෘත කිරීම සිදුකිරීමට නියමිතව තිබෙන බව දන්වයි.

අද පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත්, ඒ අනුව අදාළ ලංසු ඉදිරිපත් කිරීම සජීවීව සිදුකිරීමට නියමිත අතර ඊට සහාය දැක්වීම සඳහා විශේෂ තාක්ෂණික කණ්ඩායමක් ද පත්කර තිබෙන බව පැවසේ.

ලංසු ඇගයීම් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් අපේක්ෂා කරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...