කොළඹ ග්‍රාමීය බැංකු ශාඛා 24කින් රුපියල් ලක්ෂ 5400ක් වංචා කළ එන්ට්‍රස්ට් නම් ආයතනය ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි? සජිත් ප්‍රශ්න කරයි

කොළඹ ග්‍රාමීය බැංකු ශාඛා 24කින් රුපියල් ලක්ෂ 5400ක් වංචා කළ එන්ට්‍රස්ට් නම් ආයතනය ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කර සිටී.

කොළඹ අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ නැගෙනහිර හේවාගම් කොරළයේ විවිධසේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු අංශයේ ශාඛා 24ක ලක්ෂයකට අධික ගනුදෙනුකරුවන්ගේ රුපියල් ලක්ෂ 5400ක තැන්පතු ප්‍රමාණයක් වංචාසහගත ලෙස එන්ට්‍රස්ට් නම් ආයතනයක් ලබා ගෙන ඇති බවත් ,මෙම සිදුවීම සිදුවී මේ වන විට වසර 10ක් ගත වී ඇති බවත් 2021 නොවැම්බර් 27 වැනිදා තමා ස්ථාවර නියෝග යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටි අවස්ථාවේ ඇමතිවරයා දුන් පිළිතුරින් සෑහිමට පත් නොවූ බවත් තවමත් මේ සඳහා විසඳුමක් නොලැබී ඇති බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැතිතුමා පවා මේ ගැටලුව දන්නා බවත් එවන් තත්ත්වයක් තිබියදී එන්ට්‍රස්ට් නම් ආයතනය සිදු කළ මූල්‍ය වංචා සම්බන්ධ රජය ක්‍රියාමාර්ග නොගැනීම ගැටලු සහගත බැවින් මේ සම්බන්ධයෙන් වහාම පියවර ගෙන එම මුදල් ලබා දීමට කටයුතු කරන ලෙසත් , විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

එසේම මෙම එන්ට්‍රස්ට් නම් ආයතනය සමඟ ප්‍රබලයින්ගේ සම්බන්ධකම් ඇති බැවින් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කර සොයා බලන ලෙසත්, මේ සඳහා විසඳුම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...