ප්‍රංශය ඉතිහාස ගත වේ, ගබ්සාව ව්‍යවස්ථාවට ඇතුලත් කළ ලොව පළමු රට බවට පත් වේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශය ගබ්සාව ව්‍යවස්ථාපිත අයිතියක් බවට පත්කර තිබෙන අතර ගබ්සාවක් සිදුකිරීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුලත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්වනු ඇත.

ගබ්සාවක් සිදුකිරීම සදහා කාන්තාවන්ගේ සහතික කළ නිදහස තහවුරු කිරීම සදහා 1958 වසරේ ප්‍රංශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, ඡන්ද 780ට 72ක් ලෙස අතිවිශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කර ඇත.

ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හඳුන්වන්නේ, මෙය ප්‍රංශයේ අභිමානය සුරකින හා විශ්වයට පණිවුඩයක් යැවු සිද්ධියක් ලෙසයි. වතිකානය හා ගබ්සාවට එරෙහි කණ්ඩායම් මෙය දැඩිව විවේචනය කරන බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

ආපදා වන්දි ලබා දීමේ ප්‍රගතිය මෙන්න. දිස්ත්‍රික් ලේකම්වරු සහ ජනාධිපති අතර විශේෂ සාකච්ජාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇතිවූ ආපදා තත්ත්වයෙන්...

දකුණු බ්‍රසීලයේ ගුවයිබා නගරයේ දැඩි සුළං හේතුවෙන් Liberty replica ප්‍රතිමාවේ අනුරුවක් කඩා වැටේ!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):   දකුණු බ්‍රසීලයේ ගුවයිබා...