විද්‍යුත් වාහන ආනයනය ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 05,, කොළඹ (LNW): විදෙස් රටවල සේවයන්හි නිරත ශ්‍රී ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයනය කිරීමට අදාළ නව යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු වෙත විධිමත් බැංකු මාර්ගයෙන් විදේශ ප්‍රේෂණ හුවමාරු කිරීමට විදේශයන්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත් ලබාදීමේ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2022 වසරේ අගෝස්තු මස 08 වනදා පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවිය.

එම යෝජනා ක්‍රමයේ වලංගු කාලය 2024 වර්ෂයේ ජුනි මස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට පසුගිය ජනාවාරි මාසයේ 08 වනදා පැවති කැබින් රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ සඳහා විධිවිධාන සලසමින් 1969 අංක 01 දරන ආනයන හා අපනයන පනත යටතේ නිකුත් කර ඇති 2024 අංක 02 දරන ආනයන හා අපනයන රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට ආදාළව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ට එරෙහි නඩුවක් අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් !

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි...

හල්ලොලුවට අදත් ඇප නෑ!

කොළඹ LNW:ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව...

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට චීනයෙන් පිළිතුරු!

කොළඹ LNW:චීනය ඕනෑම රටක් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමෙන්...