වැඩබලන පොලිස්පති – පොලිස් කොමිසම සටන ඇවිළෙයි. කොමිසමෙන් පිටු හයක තද නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික පොලිස් කොමිසම විසින් ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරු කිරීම් ආදී කටයුතුවලට සහ එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් පොලිස්පතිවරයාගේ කාර්යභාරයට බාධා පමුණුවන බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය නඟා ඇති චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

තමන් සැමවිටම රටේ ව්‍යවස්ථාපිත නීතියේ ප්‍රතිපාදන සහ අනෙකුත් නීති සහ රීතිවලට අනුකූලව සහ අනුගතව තමන්ට පැවරී ඇති වගකීම සහ රාජකාරි ඉටුකරන බව ජාතික පොලිස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම් සම්බන්ධව ජාතික පොලිස් කොමිසමට පැවරී ඇති බලතල තමන් වෙත පවරාගැනීමට වැඩබලන පොලිස්පතිවරයා උත්සාහ දරණ නමුත් එය 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සාමාජිකයින් 05 කට නොඅඩු 07කට නොවැඩි ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් පිහිටුවීමේ අභිමතාර්ථ සමග ගැටෙන බවත් කොමිසම පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...