පිරවුම්හල් හිමියන් කෝටි 3500ක් හොරා කනවා. ඒ මුදල රජයට ගත්තාම පොහොර සහනාධාරය 50,000ක් දෙන්න පුළුවන් – සරත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්ධන පිරවුම්හල් හිමියන් රුපියල් කෝටි 3500ක් මහජන මුදල් හොරාකා ඇති බවත් ඒ හොරකම් කරන මුදල් රජයට ගතහොත් ගොවීන් ලක්ෂ 70 කට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 50,000 දක්වා වැඩිකළ හැකි බවත් නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“අපේ ආණ්ඩුව බලය ගන්නකොට දුප්පත්, දුබල, ණය ගෙවාගන්න බැරි රාජ්‍යයක් ලෙස අපි බාරගත්තෙ. බංකොලොත් රටක් බාරගත්තෙ. බංකොලොත් රටක බදු කිසිවක් වැඩි නොකොට ජනතාවට සහන දෙන්න කටයුතු කරලා තියෙනවා. රටේ සම්පත් විකුණලා නෑ, ලෝකෙන් ණය අරන් නෑ, ඒ ඔක්කොම නොකර මේ දෙන්නෙ කොහොමද ? බදු පැහැර හැරපු දැවැන්ත බදුහිමියන්ගෙන් බදු අයකරලා. පැහැර හැරපු බදු. මේ රටේ මහජනතාවගේ මුදල් තමන් බලය අරගෙන, තමන්ට ඕනෙ හෙංචයියන්ට දීලා හොරකම් කරන්න ඉඩ ඇරපු ඒ යුගය අවසන් කරලා තියෙනවා.

තෙල් ප්‍රශ්නය වෙන මොකුත් නෙවෙයි, ඒගොල්ලන්ට ලබාදෙනවායි කියපු දීමනාවට අමතරව. ඒගොල්ලො රුපියල් 4ක් 5ක් වැඩිපුර අයකරලා තියෙනවා. නඩු තීන්දු තියෙනවා ගෙවන්න එපා කියලා. හැබැයි පසුගිය කාලෙ නඩු තීන්දු අහකදාලා ඒගොල්ලො ඒ මුදල් අරගෙන තියෙනවා. මේවාත් එක්ක අපි හැප්පෙනවා. හැප්පිලා ජනතාවට ලබාගන්න පුළුවන් දේ උපරිම ලබාගැනීම වෙනුවෙන් අපි හැප්පෙනවා. මම මේ මහජනතාවගෙන් ඉල්ලනවා මේ කුමන්ත්‍රණකාරී දේවල්වලට අහුවෙන්න එපා. මේ මහජන මුදල, ඔබේ මුදල ආරක්ෂා කරන්න අපි මේ හදන්නෙ. ඒ වෙනුවෙන් මේ ක්‍රියාත්මක වෙන්නෙ. රුපියල් කෝටි 3500ක් කියන්නෙ සරල එකක් නෙවෙයි. අවුරුද්දකට ලක්ෂ 70ක් ගොවි ජනතාවට පොහොර සහනාධාරය බෙදන්න යන්නෙත් මේ මුදල. මතක තියාගන්න. මේ හොරකම් කරන සල්ලි ටික ගත්තොත් ඒක ගොවි ජනතාවට බෙදුවොත් රුපියල් 25000 ගානෙ නෙවෙයි රුපියල් 50000 ගාණෙ බෙදන්න පුළුවන් පොහොර සහනාධාරය. එච්චර මුදලක්. සරල එකක් නෙවෙයි මේ. ඒ නිසා අපි මේ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා පොදු ජනතාවගේ මුදලට පික් පොකට් ගහන එක, හොරකම් කරපු එක නතර කරන්න සූදානම් වෙන්න. තවදුරටත් මහජනතාවගේ මුදල් හොරකම් කරලා තමන්ගෙ බැංකු ගිණුම තරකරගන්නෙ නැතිව සාධාරණ විදියට ව්‍යාපාර කරන්න සූදානම් වෙන්න. පොදු ජනතාවගේ සල්ලි ටික මහාභාණ්ඩාරයේ ගිණුමට එවන්න, ඒකයි අපි කියන්නෙ”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මාර්තු 04) පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...

බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ දිනවල ගල්කිස්ස ශාන්ත...

බාල ඖෂධවල වගකීමෙන් සෞඛ්‍ය ඇමතිට විනිර්මුක්ත වෙන්න බෑ – වෛද්‍ය චමල් ලේඛන සහිතවම පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල බාල ඖෂධ සිද්ධියකදී දේශපාලනඥයින්ට එහි වගකීමක්...

වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: මේ වන විට සිරිමා...