කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලද ?

Date:

මේ වෙද්දී, විශේෂයෙන්ම චැට් ජීපීටී ආවට පස්සේ, කෘතීම බුද්ධිය සාමාන්‍ය මිනිසුන්ගේ අත් මානයේ තිබෙන, ඔවුන්ට දැනෙන දෙයක් වෙලා. කෘතීම බුද්ධිය දැනටමත් තියෙන්නේ චැට් ජීපීටී සීමාවට වඩා ගොඩක් ඈත සීමාවක. දැන් තත්ත්වය එහෙම වුනත්, විශාල කාලයක් තිස්සේ කෘතීම බුද්ධිය කියන අදහස මිනිසුන්ගේ පරිකල්පනීය ලෝකය ඇතුළේ තිබුණා. විද්‍යා ප්‍රබන්ධ ආදිය හරහා දියුණු කෘතීම බුද්ධිය අපිට හමු වුනා.

පරිකල්පනීය ලෝකය ඇතුළේ කෘතීම බුද්ධිය පිළිබඳ අදහස සාකච්ඡා වූ මුල් කාලයේ සිටම කෘතීම බුද්ධිය මිනිස් බුද්ධිය ඉක්මවා යාම සාකච්ඡාවට ලක් වුනා. කෘතීම බුද්ධිය යම් මොහොතක මිනිස් පාලනයෙන් මිදී ස්වයංව තීරණ ගනියිද? මිනිස් පාලනයෙන් තොරව ස්වයංව ව්‍යාප්ත වෙයිද? අවසාන වශයෙන් මිනිස්සු වඩා දියුණු කෘතීම බුද්ධියක වහල්ලු වෙයිද? තාර්කිකව මේ විය හැකියාවන් කිසිවක් බැහැර කරන්න බැහැ.

චීනයේ ෆූඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් හතර දෙනෙකුට අනුවනම්, කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලා. තවමත් විමර්ශිත ජර්නලයක පළ කර නැති, ප්‍රී-ප්‍රින්ට් එකක් පමණක් වන, ඔවුන්ගේ පර්යේෂණ පත්‍රිකාවට අනුව දැනට භාවිතයේ තිබෙන කෘතීම බුද්ධි මෙවලම් වලට මිනිස් සහයෝගයක් නොමැතිව තමන්ගේ පිටපත් සාදා ගැනීමට වගේම, එම පිටපත් වලටද තවත් පිටපත් සාදා ගත හැකි ආකාරයෙන් ඒ කාර්යය කිරීමේ හැකියාව තිබෙනවා.

ප්‍රචලිත කෘතීම බුද්ධි උපාංග භාවිතයට යොදවා තිබෙන ගූගල්, ඕපන්ඒඅයි වැනි ආයතන විසින් එම කෘතීම බුද්ධි උපාංග වලට තමන්ගේ පිටපත් තනා ගැනීමට තබා ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ඉටු කිරීමටද නොහැකි බව තහවුරු කර ඇතත්, මෙම පර්යේෂකයින් විසින් පෙන්වා දෙන්නේ එය එසේ නොවන බවයි. ඉහත සමාගම් වල ක්‍රමවේදයම තරමක් වැඩි දියුණු කර මෙටා සහ අලිබබා සමාගම් වල කෘතීම බුද්ධි උපාංග පරීක්ෂාවට ලක් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මෙටා උපාංගය අවස්ථා 50%කදීද, අලිබබා උපාංගය අවස්ථා 90%කදීද තමන්ගේ පිටපත් සාදා ගැනීමට සමත් වූ බවයි.

ඉහත කාර්යයේදී මෙම උපාංග විසින් මුලින්ම තමන් සෑදී ඇති ආකාරය සහ තමන් ක්‍රියාත්මක වන මූලධර්ම ගැනත්, තමන් ජීවත් වන පරිසරය ගැනත් හැදෑරීමට යොමු වී ඇති අතර, ඉන් පසුව පිටපත් නිර්මාණය කිරීම සඳහා සැලසුම් සාදා තිබෙනවා. එමෙන්ම භාවිතයේදී එම සැලසුම් වැඩ නොකරන අවස්ථා වලදී දිගින් දිගටම සැලසුම වෙනස් කර තිබෙනවා. ඊට අමතරව, පද්ධතිය අක්‍රිය (shut down) කිරීමෙන් බේරී සිටීම සඳහා සැලසුම් සකස් කිරීමටද මෙම කෘතීම බුද්ධි උපාංග සමත්ව තිබෙනවා.

පහත ලින්ක් එකෙන් අදාළ ප්‍රී-ප්‍රින්ට් එක කියවිය හැකියි.

https://arxiv.org/pdf/2412.12140

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...