*
Thursday, March 6, 2025
spot_img

Latest Posts

(VIDEO) උෂාන්ගේ උඩ යාම උඩඟුකමක් නොවේ,රටටම ආඩම්බරයක්..,උෂාන්ගෙන් පටන් ගෙන රටේම ක්‍රීඩාවට

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 05, (LNW)කොළඹ

උෂාන් තිවංක පෙරේරා කාලයක් අපේ මතකයෙන් ටිකක් ඈත් වෙලා හිටියත්,ජාතික මලල ක්‍රීඩා වාර්තා පොත පෙරළෙන හැම මොහොතකම ඒ නම අපේ හිත්වල දැවටෙනවා. ඇස්වලයි කන්වලයි මේ දවස්වල සීරුවට උෂාන්ව දැවටෙමින් හිත්වල බලාපොරොත්තු අලුත් කරන්න පටන් ගත්තෙ Southland Conference Indoor තරගාවලියෙ උස පැනීම ජය ගැනීමත් සමඟයි.
උෂාන්ගේ මේ පිම්ම වගේම ඒ පිම්මෙන් පස්සෙ පිමි ඊටත් වැඩිය මේ රටට වැදගත් වෙන්න නියමිතයි.දැනුත් අපි ශ්‍රී ලංකාවේ උෂාන් දිනුව බව ලෝකයට කියනවා.දෙස් විදෙස් මාධ්‍යයත් වාර්තා කරනවා.ඒත් තරගවලදි ඔහුගෙ නම ඉදිරියෙන් තියෙන්නෙ East Texas A&M හැටියටයි.
මගෙ ස්ටුඩන්ට් ලයිෆ් එක ඉවරයි.යුනිවර්සිටි එකට පැනපු අන්තිම මීට් එක ඒ.මම අප්‍රේල් ඉදලා පනින්නෙ ලංකාවෙ කොඩිය එක්ක.“
ලංකාවෙ සෑම මාධ්‍යක්ම කතා කරන Southland Conference Indoor තරගාවලියෙ උස පැනීම මීටර් 2.15 ක් උසකින් ජය ගැනීම ගැනයි උෂාන්, ‘අන්තිම මීට් එක ඒ‘ යනුවෙන් පවසන්නෙ.


උෂාන් කියන මේ ප්‍රවෘත්තිය රටට වැදගත්.ඒ වගේම ඔහු රට සතුව සිටින අගනාම ක්‍රීඩක සම්පතක් කියන එක ක්‍රීඩා බලධාරීන් අවධානය යොමු කරලා බලාගන්නත් වෙනවා.“අපි හැමෝටම හදලා තියෙන්නෙ එක සමානව සළකන ක්‍රමයක්“ වගෙ ක්‍රීඩාවට අදාළ ප්‍රායෝගික ජීවිතය තේරුම් නොගෙන වැඩ කළොත්, තැනකට යන්න යන්න උෂාන්ලට පමණක් නෙමෙයි රටේ සමස්ත ක්‍රීඩාවටම අදාළව බිඳ වැටීමක් සිඳුවෙන්න ඉඩ තියෙනවා.
ඔහු ශිෂ්‍ය අවධියේ අසීරු ශල්‍ය කර්ම දෙකකට මුහුණ දුන්නා.මාස 36 ක් ඒ වෙනුවෙන් ඔහුට පුනරුත්ථාපනය වෙන්න සිද්ධ වුණා.ඒ අතර ඔහු උපාධිය හමාර කළා.ඉන් ඉහළට විෂේශ හැදෑරීමකට අත් පොත් තැබුවා.මේ සියල්ල අතරෙ ඔහුට හමුවන ඩෙස්ටෙනී වොට්කින්ස්ගේ ආදරය ඔවුන් දෙදෙනා පමණක් නොවී ඒ දෙදෙනාගේ ජීවිතයට තෙවැන්නෙකුත් රැඟෙන ආවා.ඒ ඔෂාන් අයිසැක් පෙරේරා.
එහෙම බැලුවම උෂාන් මේ කාලය ඇතුළත ජීවිතයේ උස දෙකක් තරණය කරමින් ඉන්නවා.අධ්‍යාපනය,පවුල් ජීවිතය සහ සෞඛ්‍යය සමඟ සිය ක්‍රිඩා ජීවිතය කළමණාකරනය කර ගනිමින් ඔහු සෑම ඉලක්කයකටම සෙමින් පිය නඟා තිබෙනවා.තව දුරටත් ඒ ඉලක්ක අභිබවා යන්නට සූදානමින් සිටිනවා.
“හදිසියක් නැහැ.බලමු හෙමින්.“


ඔහුගේ සැළසුම්වල වේගය හංසයා මරා බිත්තර ගන්න උත්සාහ කරන අයට වේගවත් මදි වෙන්න පුළුවන්.එයා විතරද ඉන්නෙ අපි ඊට වඩා වේගෙන් ප්‍රතිපල ගන්න පුළුවන් කෙනෙක් හොයමු කියලා සමහර විට අත ඇරලා දාන්නත් පුළුවන්.හරියට බලා ගන්න ක්‍රමයක් තිබුණනම්,සුගත් තිලකරත්නගෙ වේගය නවතින්න තිබුණෙ තත්පර 44 ගණන්වල නෙමෙයි බොහෝ විට තත්පර 43 සීමාවට පිවිසයි.සුසන්තිකාගේ මීටර් සියය තත්පර 10 සීමාව ස්පර්ශ කරලයි.සුසන්තිකා ඇමෙරිකානු ජීවිතයෙන් උපයා ගත් තත්පර දශම ගණන තමයි අදත් මීටර් 100 සහ 200 වාර්තා හැටියට තියෙන්නෙ.ඒ පහසුකම් වගේම වෘත්තීය ක්‍රීඩක වැඩ කලාව විසින් උපයපු දේ අතරට උෂාන්ට පෙර තිබුණ,මංජුල කුමාර විජේසේකරගෙ වාර්තාවත් එකතු වෙනවා.සුගත්ගෙ තත්පර 44 ඉදලා 43 ට එන්න තිබුණ තත්පර දශම ගණන නැති වෙන්නෙ සමහර විට ඔහු මේ කොදෙව්ව ඇතුළෙම හිර වුණ නිසා කියන එක සුගත්ටවත්,විදුලිපුර විදුලිය මැවූ ටර්බයිනය අනුර බණ්ඩාරගෙත් දුර්වලකමක් නෙමෙයි.


මේ වෙලාවෙ උෂාන් විතරක් නෙමෙයි,ඇමෙරිකානුගත තරුෂි කරුණාරත්නත් එරට ක්‍රීඩා පිටියේ දස්කම් දක්වමින් නැඟි සිටිනු දැකිය හැකියි.තරුශි තවමත් සිටින්නෙ ගෘහස්ථ තරග රමුවෙ.ඒ කියන්නෙ මීටර් 200 ධාවන පථයක් ඇතුළෙ සිය දක්ෂතා දක්වමින්.ඒ නිසා මේ මොහොත පවසන්නේ තරුශි ඉදිරියේදී මීටර් 400 ධාවන පථයට පැමිණි පසු ධාවන පථයේ නැමීම අඩුවීම මෙන්ම දැනට ධාවනයේ යෙදෙන නැමීම්වල පටුබව නිසා වන වේගයේ අඩුවීමත් වෙනස් කර ගනිමින් මේ පෙන්වන කාලයන්ට වඩා හොඳ කාලයක් ඇය අනිවාර්යෙන් වාර්තා කරන බවයි.


මේ ආකාරයටම රුමේෂ් තරංගටත් යම් කිසි ආකාරයකින් විදේශ පුහුණුවක් සහිත අධ්‍යාපනයකට ඉඩ සකසා දිය හැකිනම් එය ජාතික යුතුකමක්.මලල ක්‍රිඩාව පමණක් නෙමෙයි ඔලිම්පික් සිහින දකිමින් අවශ්‍යය පෝෂණය සරි කරගන්නේ කෙසේද කියා දහ අතේ සිතන්නට සිඳු වී තිබෙන උමයංග මිහිරාන්ගේ බොක්සිං ජීවිතයටත් එවන් පරිසරයක් තිබීම වැදගත් වෙනවා.දැනටත් සරසවි සිසුවෙකු වන උමයංග ගැන උමයංගගෙ ක්‍රීඩාව ගැන විදේශ සරසවියක් ගැන කතා කරන්නට ක්‍රීඩාව ගැන අවබෝධයක් තිබෙන අයෙකු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තුළ සිටිය නොහැකියි.ක්‍රීඩාව ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනෙන තැනකට රැඟෙන යන්න උගත් දක්ෂ ක්‍රීඩකයින් තනන වැඩ සටහනක පාර්ශවකරුවෙක් විදිහට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙ දක්ෂතා සම්බන්ධයෙන් සහ උවමනාවන් සම්බන්ධයෙන් නමනීයත්වයක් පෙන්වන විශ්ව විද්‍යාල පරිපාලනයක් වගේම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවකුත් අවශ්‍යය වෙනවා.


මැතිවරණ සමයක ක්‍රීඩාවට සම්බන්ධ පිරිසගේ ඡන්ද ගැන බලාගෙන කරපු සාකච්ඡාවල ක්‍රිඩාවේ ඇත්ත වෙනුවට තියෙන්නෙ ඒ දක්වා කරමින් සිටි දේශපාලනයෙන් බලය වෙනස් වෙද්දී තමන්ගේ තත්ත්වය වෙනස් නොවී රැකගන්න අදහස් දක්වන පිරිසගේ උවමනාවන් සහ ඒ දක්වා අවස්ථාවක් නොලද අය තැනක් සකසා ගන්නට කළ අදහස් දැක්වීම්වල උවමනාවන් පමණයි.ඒ නිසා තමයි ක්‍රීඩා උපදේශක සභාව පත් කරන තැන ඉදළම ක්‍රීඩා අමාත්‍යංශයට වැරදිලා තියෙන්නෙ.ඒ වැරදීම නිවැරදි කර ගැනීම වෙනුවට ‘අපි ආවෙ ඡන්ද කාලේ ක්‍රීඩා සමාජ සම්මේලන එක්ක කතා කරලා සියල්ල දැනගෙන‘ කියන තැන ඉන්න අධි විශ්වාසය නිසත් මේ පසුබිම සැකසෙන්න හොර වෙයි.ක්‍රිඩාවෙ වැරදුණාම තව දුරටත් තියාගෙන ඉන්න සම්ප්‍රදායක් නැහැ.ඒත් වැරදුණුාම තව දුරටත් අපි ගත්ත තීරණය පස්සට ගත්තොත් දේශපාලනිකව පරාජය වෙයි කියන මිත්‍යාව ඇතුළෙ නොසිට වෙනස් නොවුණොත් ක්‍රීඩාව පරාජය වෙයි.


පාර්ලිමේන්තුව තුළ පොදුවේ ගත්තම මේ දක්වා ආණ්ඩුව හැසිරුණ විදිහ අනුව තමන්ගේ අඩුපාඩු පිළි ගනිමින් අදහස් දැක් වූ විපක්ෂ අයට සාධාරණය අවශ්‍යය බව සිතූ,ඇගයීම් කෙරූ නලින්ද ජයතිස්සගේ සහ බිමල් රත්නායකගේ අදහස් දැක්වීම්වලට තමයි මිනිස්සු වැඩියෙන්ම ආදරය දැක් වූවේ. සහය දැක් වූවේ.මේක හොඳ හෝඩුවාවක්.කළ කී දේ ගැන සිතා වැරදි දේ නිවැරදි කර උෂාන්ල ගැන සිතන හැටි වෙනස් කර ගන්න හැකිනම් ක්‍රීඩාවේ ජයග්‍රහණ කියන්නෙ පරිපාලනයේ සාර්ථකත්වය නිසා අපිට දිනන්න පුළුවන්.


පරිපාලනය කරන අය උඩ ගියාම ඒකට කියන්නෙ වටිනාකමක් නැති උඩඟුකමක් කියලා.ඒත් උෂාන්ට අපිට කියන්න තියෙන්නෙම උඩම පළයං.තවත් පළයං,කියලා.එතකොට තමයි ක්‍රීඩාවෙන් සතුටට පත් වෙන්න ඉන්න මිනිස්සු උද්දාමයට පත්වෙන්නෙ.ක්‍රීඩා බලධාරීන්ටත් උද්දාමයට පත්වෙන්න හැකි වන්නෙ.පාලඛයා බිමට බහින තරමට ක්‍රීඩාව ඉහළට හඳුනගන්න පුළුවන් දේවල් උඩින් පේන්න ගනියි.එහෙම වුණාම උෂාන්ලා රටට ජයග්‍රහණ ගෙනෙන වීරයෝ වෙයි.
ආඩම්බරවෙන්න නම් ක්‍රීඩාවේ ඇත්ත හඬවල් ඉදිරියේ බිමට නැමුණු නිහතමානි මිනිස්සු වෙන්න වෙයි.ඊට පස්සෙ බිමට නැමෙන්නේ ජයග්‍රහණයේ ඵලවල හයියට.ඒ නිසා උෂාන් පාදක කරගත් මේ සටහන උෂාන් සහ රටේ සමස්ත ක්‍රීඩාවටම අදාළයි.


‘එච්චර දේවල් ඕනි නැහැ,අපි දුවන පනින කාලෙ ඕවයෙන් දාහෙන් පංගුවක් තිබිලා නෙමෙයි අපි දිනුවෙ‘ කියලා හිතන මොඩල් එකේ අයත් ඇමතිතුමාට උපදෙස් දෙන්න ඉන්නවා පේනවා.ඒ අය එක්කනම් ඒ කාලෙ ජයග්‍රහණ ඉක්මවා යන දිනුමක් ගැනවත් හිතන්න අමාරුයි.එතනින් නවතින්නෙ නැතුව ඉස්සරහට යන රටක් වෙනුවෙන් ජයග්‍රහණ ගේන්න සූදානම් වෙන උෂාන් ඉන්නෙ ඇමෙරිකාවෙ.ඒ ගැන මතක තියාගෙන ඇමෙරිකාවට ගැලපෙන අනුග්‍රහයක් සොයා දීම වැදගත්.


උෂාන්ගේ අම්මටයි තාත්තටයි දෙන්නටම පොළවෙ පය ගහලා ඇවිදින්න හිටගෙන ඉන්න අමාරුයි.ඒ නිසා අහසින් ගිහිං තමන්ගෙ පුතාව බලලා එන්න හැකියාවක් නැහැ.කවුරු හරි එක්කරගෙන යන්න වෙනවා.එහෙම දෙන්නෙක් හදපු කොල්ලෙක් අද ලෝකය ඉදිරියේ ඌ අපේ එකෙක් කියලා අඩම්බරයෙන් කියන්න පුළුවන් මට්ටමේ හැකියාව තියෙන දක්ෂයෙක් වෙලා ඉන්නවා. ඒ දෙන්නා කරපු දේ අගයන්න අපිට බිම පය ගහලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු විදිහට,ඒක නොකර ඔළුව බිම ගහගෙන වැඩ කළේ නැත්නම් පුළුවන් වෙයි.
උෂාන් තව පැනපං උඩට උඹට පුළුවන් දිනන්න

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan