සංචාරක කර්මාන්තයට තවත් ප්‍රතිලාභයක්!

Date:

කොළඹ LNW:සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සමාජ සුබසාධන වැඩසටහනක් ද සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිස වෙනුවෙන් පැවැත්වීමට නියමිත අතර සංචාරක කේෂ්ත්‍රයේ අනාගතය වෙනුවෙන් සංචාරක ආකර්ෂණ ස්ථාන 100ක් මේ වනවිට හඳුනාගනිමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

එක් ආකර්ෂණයක් සඳහා රු මිලියන 10 බැගින් වෙන්කර එහි මුලික පහසුකම් සංවර්ධනය කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි.

මේ අතර සංචාරකයින් වෙනුවෙන් විවේක මධ්‍යස්ථාන ඉදිකිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...