2028 ශ්‍රී ලංකාව: සජිත්ගේ අනාවැකිය!

Date:

කොළඹ LNW:රට පාලනය කරමින්හිදින්නේ වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු පත්‍රය කෑලි කෑලිවලට ඉරා දැමූ ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

2022 රට මුහුණ දුන් ජාතික ඛේදවාචකය වූ රට බංකොලොත් විම ගැන කවුරුත් නොසිතූ අතර එදා පාලකයන් නිර්මාණය කළ සුන්දර ලෝකයේ රටේ බහුතරයක් පාවෙමින් සිටි බවත් එසේම 2028 යළි රට මුහුණ දෙන අමාරුම කාලය එළැඹෙන බවත් විපක්ෂ නායකයා කියාසිටියේය.

එලෙස සිදුවන්නේ 2028 සිට නැවත ණය ගෙවීමට සිදුවන බැවින් යැයි හෙතෙම ප්‍රකාශ කළේය.

කිසිම දවසක රට අමාරුවේ දමා ජන ජීවිත කඩා වට්ටා ඉහළ තනතුරුවලට යන්න තමා සූදානම් නැති බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

එහෙත් අසාමාන්‍ය ලෙස අමාරු ඉලක්ක සදහා ගිවිසුම්ගත වීම නිසා අප රටක් ලෙස විශාල අමාරුවකට ලක්ව ඇති බවත් එම නිසි මෙම ගිවිසුම් සංශෝධනය කර ජනතාවගේ හිසමත කරපිට පටවන බර ලිහිල් කළ යුතු බවත් ඒ අපේක්ෂාව පසුගිය ජනාධිපතිවරණයේ දී තමා මෙන්ම මාලිමාවේ අය කිව්වත් එදා බලයට පැමිණි මාලිමාවේ අය කිසිදු වෙනසකින් තොරව පැරණි අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන බව පවසා ජනතාවගේ බලාපොරොත්තු කඩා විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

මාස 6න් 6ට 20000කින් වැටුප් වැඩි කරනවා කියූ ජනතා විමුක්ති පෙරමුණ ඒ දේ නොකර මේ මොහොතේ පවා ජනතාව අන්දවමින් සිටින බවද හෙතෙම පැවසීය.

අප රටක් ලෙස බරපතල කොන්දේසි 2කට අත්සන් කර ඇති බවත් එනම් ප්‍රාථමික ශ්‍රේෂය ධන 2.3කට සීමා කරන්න සහ ප්‍රාථමික වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13ක් බවට පවත්වා ගෙන යාමට ගිවිසුම් ගත වී ඇති බවත් සරලව කියනවා නම් රජයට ජනතාව වෙනුවෙන් වැය කළ හැකි මුදල බරපතල ලෙස සීමා කර ඇති බවත් විපක්ෂ නායකවරයා කිවේය.

විපක්ෂ නායකයා මෙම අදහස් පළකළේ කැලණිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...